IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


චාමර සිල්වා ටෙස්ට් සංචිතයට

එංගලන්තයට එරෙහිව මේ මස 26 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට චාමර සිල්වා ඇතුළත් කර තිබේ. චාමර වසර හතරකට ආසන්න කාලයකට පසුව නැවතත් ටෙස්ට් සංචිතයට පැමිණීම කැපී පෙනේ. සංචිතයට නම් කර සිටි උප නායක ඇන්ජලෝ මැතිව්ස් අද (23) පෙරවරුවේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත්වීම නිසා චාමර සිල්වාට ස්ථානය හිමිවී තිබේ. මෙවර අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේදී වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 1,143 ක් රැස් කළ චාමර, එංගලන්තයට එරෙහිව පැවැති පුහුණු තරගයේදී ලකුණු 163 ක් රැුස්කිරීමට ද සමත් විය. චාමර 2006 වසරේ දෙසැම්බර් මස නවසීලන්තයට එරෙහිව ටෙස්ට් වරම් ලබා මේ වන විට තරග 11 කදී සාමාන්‍ය 33.56 ක් රදවා ගනිමින් ලකුණු 537 ක් රැස්කර තිබේ.



අදහස් (0)

චාමර සිල්වා ටෙස්ට් සංචිතයට

දිනේෂ් Saturday, 24 March 2012 08:08 PM

කවුරු දැම්මත් දැන් අපට ගහනවා. දැන් සල්ලිවලටනේ ගහන්නේ. ඇයි අජන්ත මෙන්ඩිස්ව හංගලද ?

:       0       0

සුදන්ත Saturday, 24 March 2012 10:34 PM

ඇත්තටම ඔහුට අවස්ථාවක් දියයුතුයි.

:       0       0

උවයිස් Sunday, 25 March 2012 02:49 PM

චාමර හා අපේ කණ්ඩායමට සුබ පැතුම්. නැවතත් කණ්ඩායමට ආපු නිසා අපේ පිතිකරු ලැයිස්තුව ශක්තිමත් වෙනවා.

:       0       0

saman Sunday, 25 March 2012 06:14 PM

කොමෙන්ට් පල කොරන්නේ නැත්තේ ඇයි? පල කොරන්න බැරිනම් අපි මේවා බලන්නෙත් නෑ

:       0       0

ප්‍රදීප Friday, 23 March 2012 08:17 PM

ලංකාවට ජය පතමු

:       0       0

සමන් කුමාර Saturday, 24 March 2012 12:16 AM

මේක තමයි තේරුමක් නැතිදේ .. චාමර කණ්ඩායමේ දිගටම හිටිය නමුත් ෆේල් උන.. මෙයාගේ වයසත් වැඩියි ලෝකල් මැච් වල ගැහුවා කියල තව තව කණ්ඩායමට දාන එකේ තේරුමක් නෑ. මේක නවකයකුගේ අවස්ථාව නැතිකිරීමක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site