(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව සිටින්නීය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊයේ (22) කළ යාවත්කාලීන කිරීමට අනුව චමරි අතපත්තු ප්‍රසාද ලකුණු 773 ක් හිමිකරගෙන ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණියාය.
චමරි පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති අවසන් එක්දින තරගයේදී නොදැවී ලකුණු 195 රැස්කිරීමට පෙර පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ පසුවූවාය.
චමරි මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 101 කදී ශතක 9 ක් සහ අර්ධ ශතක 16 ක් සමගින් ලකුණු 3,513 ක් රැස්කිරීමට සමත්ව සිටින්නීය.
එංගලන්ත පිතිකාරී නතාලි සීවර් ප්‍රසාද ලකුණු 764 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, දකුණු අප්‍රිකානු පිතිකාරී ලයුරා වොල්වාර්ඩ්ට් ප්‍රසාද ලකුණු 718 ක් ලබා තෙවැනි ස්ථානයේ ද, පසුවෙති.
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව
වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා
2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .
’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි
මෙම වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ස්ථාන පහළොවක් පහළට පැමිණෙමින් 150 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
නිමල් Tuesday, 23 April 2024 03:23 PM
සුබ පැතුම්!
Nimal Tuesday, 23 April 2024 03:41 PM
ඇය එය කළා... සුබ පැතුම් චමරි