IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


චාමරට එරෙහිව තවත් චෝදනා: ’’කෝප්’’ අල්ලස් කොමිසමට යයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර නොදෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සහ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.

සභාපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ සිද්ධිය පිළිබඳව කෝප්  කමිටුව හමුවේ තොරතුරු අනාවරණය වූ අවස්ථාවේදීය.

එම සමාගම අධිකරණයට දිවුරුම් පෙත්සමක් ලබාදී මේ සිද්ධිය පිළිබඳව සම්පූර්ණ කරුණු අනාවරණය කර ඇතැයිද සභාපතිවරයා ඒහිදී   ප්‍රකාශ කළේය.

කෝප් කමිටුවේදී මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු සභාපති විරාජ් සිල්වා මහතා පැවසුවේ එම ගිවිසුම තමා හිතා මතා කල් නොදැමූ බවයි.



අදහස් (9)

චාමරට එරෙහිව තවත් චෝදනා: ’’කෝප්’’ අල්ලස් කොමිසමට යයි

ukran Friday, 28 March 2025 07:57 PM

එයාලාට විරුද්ධව කතා කරන නිසා බොරු චෝදනා දාලා ඇතුලේ තියන්න හදන්නේ. බොරුවෙන් ජයගන්න බෑ කවදාවත්...

:       92       22

දිනේෂ් Friday, 28 March 2025 09:00 PM

එකක් කියන්නකෝ, හොරු අල්ලන්නද? එපාද?

:       7       61

හසකFriday, 28 March 2025 09:46 PM

ඔයාට ඕන උත්තරේ මොකක්ද? හොරු වීරයෝ කරගෙන ඉන්න අයනං කැමැති නෑ අල්ලනවාට.

:       0       11

දමිත් Friday, 28 March 2025 09:10 PM

පාර්ලිමේන්තුවේ 159ක් තියාගෙන, බොරුවට බුරන මේ වගේ අයට බයවෙන්නේ නෑ ආන්ඩුව. ඡන්දෙ නොදීපු ඔයාලාම තමයි කෑගහන්නේ හොරු අල්ලන්නේ නෑ කියලා. අල්ලනකොට කියනවා පළිගන්නවාලු. පොඩ්ඩක් බුරන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නකෝ වැඩක් කරගන්න දීලා...

:       0       0

ජිල්බුFriday, 28 March 2025 09:58 PM

ukrain, එතකොට ඔය දසනායක හාදයා සියඹලා ගෙනැල්ලාම නැද්ද..?

:       1       13

බකල ජයා Friday, 28 March 2025 08:29 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට එලාම් එක වදිනවා. ආයෙත් මුලක ඉඳලා ඊයේ කරපුවාම අදත් කරනවා.

:       3       46

Thambuththegama sinhaya Saturday, 29 March 2025 06:49 AM

වැඩිය කෑගහන්න ආවොත් ඔක්කොම ඇතුළට දානවා. දන්නේ නැතිවයි මගෙ හිතේ..

:       2       6

නිමල් පෙරේරා Saturday, 29 March 2025 08:23 AM

මේ සමාගමට මැණික් ගරන්න දුන්නා නම් සමන්ත විද්‍යාරත්නලා සතුටෙන්, එකනේ ඔය කියන්නේ. පාර්ලිමේන්තුවේ 159 ටම මේ මනුස්සයා ප්‍රශ්නයක් කියලා පේනවා. ඒකාලේ අල්ලනවා කිව්වේ බැසිල්ලා කළා කියන බිලියන ගණන් වල හොරකම්. අද මොනවාද මේ මාලිමාව කරන විහිළු වැඩ...? මේ දේශපාලන පළිගැනීම් නෙමෙයිද?

:       8       2

Perera Saturday, 29 March 2025 11:34 AM

ක්‍රමයෙන්, මහන්සියෙන්, අනන්දුවෙන් සල්ලි හොයලා දියුණු වෙන්නේ නැතිව ඉක්මණින් හොයන්න ගියාම ඔහොම වෙනවා චාමර... කොහේද ඉතින් මොලේ...?

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site