(සුජිත් හේවාජුලිගේ)
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාසයෙන් ලබන මස 10 වැනිදාට පෙර ඉවත්වන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් සමගි ජනබලවේගයේ බදුලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට දැනුම්දී ඇත.
චමින්ද විජේසිරි මහතා පෞද්ගලික හේතුවක් මත සිය මන්ත්‍රී ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.
මන්ත්‍රීවරයකු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වූ පසු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ඉවත්වීමට මාසයක කාලයක් දෙන්නේය. ඉන් අනතුරුව ඔහු එම නිවාසයෙන් ඉවත් විය යුතු බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පෙන්වා දෙති.
චමින්ද විජේසිරි මහතා වසර ගණනාවක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ජීවත් වූයේය.
මේ අතර චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමෙන් පත්වූ නයන වාසලතිලක නවක මන්ත්‍රීවරයා මන්ත්‍රීවරුන්ට ලැබෙන පහසුකම් කිසිවක් තවමත් ඉල්ලීම් කර නැතැයි වාර්තාවේ.
දැනට ඔහු ලබාගෙන ඇත්තේ මන්ත්‍රී ධූරය සඳහා අවශ්‍ය කෙරෙන සේවා උපදෙස් පත්‍රිකා පමණි.
වාසලතිලක මහතා කෝටිපති ව්‍යාපාරිකයෙකි.
කොළඹින් ඈත දුර බැහැර මන්ත්‍රීවරුන් සියලු දෙනාට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස හිමිවේ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චමින්දට මාදිවෙලින් යන්න කියයි
මහසෙන් Saturday, 27 January 2024 11:15 AM
හහ් හහ්. ජනතා ශාපයට හසුවෙන්න බෑ කියලා පම්පෝරී ගහලා කියවපු කෙනා යන්න කියනකම්ම තාම ඉන්නේ නිල නිවාසේද?
සුනිල් Saturday, 27 January 2024 12:04 PM
දරුවෝ නිසා අයින්වෙනවා කියලා නේද ගියේ? දැන් ඉතින් දරුවන්ට පාසල් හෝ මොන්ටිසෝරි යන්න වෙන්නේ කොහොමද? ඕක තමයි කියන්නේ කලබලේට කොරොස් කටේත් අත දාන්න බැහැ කියලා රජකම කරන්න වුණත් වාසනාවක් තියෙන්නම ඕනෑ...
සල්ලි Saturday, 27 January 2024 11:17 AM
එන්න මිතුර අපි බදු ගෙවමු...
Don key Saturday, 27 January 2024 01:09 PM
මේ සේරම හොඳ නලුවෝ!!
Sunil Saturday, 27 January 2024 09:48 PM
මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙන්න අහවලා දුන්නු මිලියන ගාණක සල්ලි තියෙන්නේ.. ඉතින් ගෙයක් ගන්න බැරිද?
Bamunuarachchi Saturday, 27 January 2024 10:08 PM
පෙනෙනවා නේද යන කමෙන්ට්ස් තවත් පච වෙන්නේ නැතුව ගියොත් හොඳයි...