IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


චීන විරෝධතාවලට කැනඩා රජයේ සහාය

චීන රජයේ දලදඬු සෞඛ්‍ය නීති සහ සීමාවලට එරෙහිව සාමකාමී අයුරින් විරෝධතා පවත්වන චීන විරෝධතාකරුවන්ට තමන්ගේ පූර්ණ සහාය හිමිවන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසයි.

විරෝධතා මර්දනය කිරීමට චීන රජය ගෙන යන වැඩපිළිවෙළ තරයේ හෙලා දැකීමට ද අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පියවර ගෙන ඇත. රජයට නිදහසේ විරෝධය දැක්වීමට චීන වැසියන්ට අවසර තිබිය යුතු යැයි ද කැනඩා අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබේ.
චීන රජයට එරෙහිව පැවැත්වෙන සාමකාමී විරෝධතා සඳහා තමන් ද සහාය දක්වන බව ඇමෙරිකාව ද පවසා ඇත.

චීන රජයට එරෙහිව එරට බෙයිජීං, ෂැංග්හායි ආදී ප්‍රධාන නගරවල දිනෙන් දින උත්සන්න වන විරෝධතා සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් විමසිල්ලෙන් පසුවන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)

 



අදහස් (1)

චීන විරෝධතාවලට කැනඩා රජයේ සහාය

Bamunuarachchi Thursday, 01 December 2022 05:15 PM

ජස්ටින් ගොයියෝ ඔහෙට ලබන සැරේ ගෙදර යන්න වෙනවා ෂුවර්. නැතිනම් ඇල්බ්ර් ටා පළාත වෙනම රටක් වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27151 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18174 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10876 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 629 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 190 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 843 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site