IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


චීන රූමතියෝ ඔසරි අඳිති වළං හදති

දිවයිනට පැමිණ  සිටින චීන විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටයේ තරගකාරියෝ ඔසරියෙන් හැඩ වැඩ වුහ.

ඔවුන් වෙනුවෙන් හබරණ සිනමන් ලොජ් හි සංවිධානය කර තිබු  ‘ශ්‍රී ලාංකික රාත්‍රියට‘ චීන රූ රැජිණියෝ 15   දෙනාම එලෙස ඔසරියෙන් හැඩ වී ආහ.

උඩ රට නැටුමෙන් රාත්‍රිය වර්ණවත් වු අතර චීන යුවතියෝද බෙර පදයට පාද තැබුහ.

මෙරට දේශීය කර්මාන්ත පිළිබඳ  දැනුමක්ද ලැබු චීන යුවතියෝ මැටි වළං කර්මාන්තය පිළිබඳව අත් දකීම් ලැබුවේ දැඩි ඕනෑකමිනි.

 2 3 4 DSCF8190 DSCF8192 DSCF8204 DSCF8205 DSCF8206 DSCF8207 DSCF8210 DSCF8212 DSCF8214 DSCF8216 DSCF8218 DSCF8220 DSCF8252 DSCF8258 DSCF8320 DSCF8326 DSCF8327 DSCF8329 DSCF8355

 

 



අදහස් (0)

චීන රූමතියෝ ඔසරි අඳිති වළං හදති

තිලක් ප්‍රියංකර Thursday, 28 August 2014 10:59 AM

චීන ලඳුන් ඔසරියෙන් හැඩවුණ එක ආඩම්බරයි හැබැයි මේ තියෙන හැම ඡායා රූපයක්ම එක සමානයි මේ කතාව කියන්න පොටෝ තුන හතරකින් පුළුවන්නෙ (අ)

:       0       0

ලීසා පෙරේරා Thursday, 28 August 2014 12:36 PM

අපේ රටේ කාන්තාවන් කෙච්චර ලස්සනද. වෙන කිසිම රටක අපේ වගේ අහිංසක ශ්‍රියාවන්ත කාන්තාවන් නෑ (අ)

:       0       0

රුවන්තික Thursday, 28 August 2014 12:39 PM

අපේ රටේ අයට නම් ඉතින් ඔසරිය අගේ නැනේ නේද? මෙයාල සුදු විතරනේ.මිට වැඩ ලස්සන අය චීනයේ නැද්ද දන්නේ. (අ)

:       0       0

උත්තරා බණ්ඩාර Thursday, 28 August 2014 01:29 PM

මෙම ලංකාවේ ඔසරි සාරිය අපටත් වඩා ලස්සන මේ අයට වාගේ , හරිම දැකුම් කලුයි , ආඩම්බරයි , (අ)

:       0       0

ජෙහාන් Thursday, 28 August 2014 01:42 PM

මේ තරුණියන් මොන තරම් පිළිවෙලට ඔසරිය ඇන්දලාද ? මා ලඟදි ගිය මගුල ගෙදරක මනමාලිගේ හැට්ටයේ පිටක් නැහැ. ඔසරිය හැලෙන්න ඔන්න මෙන්න අන්දලා තිබුනේ. හරිම අප්‍රසන්නයි. එවැනි දවසකටවත් අපේ සංස්කෘතියට අනුව පිළිවෙලට අඳින්න බැරිද මන්දා. මනමාලයා මුල් ඇඳුම අන්දලා හිටියේ මට හිතුන කියන්න එයාගේ හැට්ටය මනමාලිට උඩින් අඳින්න දෙන්න කියලා. (අ)

:       0       0

වරුණි Thursday, 28 August 2014 02:01 PM

අපේ සමහර කාන්තාවන් අඳින ඔසරිය වැටෙන්න ඔන්න මෙන්න. හැට්ටයක් අන්දාට ඒකේ පිට සෙන්ටිමීටරයක් විතර . ඒ අතින් මේ තරුණියන් නියම විදියට ඔසරිය අන්දලානේ. (අ)

:       0       0

සනත් Thursday, 28 August 2014 03:23 AM

අපේ අය සාරි ඇන්දා වගේ නෙමෙයි. හරිම ලස්සනයි (නි)

:       0       0

නිමල් Thursday, 28 August 2014 03:27 AM

ලස්සනයි (නි)

:       0       0

සංජීව Thursday, 28 August 2014 03:46 AM

ඔසරිය නම් මේ ගොල්ලොන්ට ගැලපෙන්නේ ඇහඇ වගේ, වයසට වැඩිය පෙනුමක් තියෙන්නේ. (අ)

:       0       0

හිරුෂි Thursday, 28 August 2014 03:54 AM

හැබැයි මේ වළං වලට වගකීම් සහතික නම් දෙන්නේ නැහැ ඔන්න හො‍ඳේ (නි)

:       0       0

කරුපෙරුම Thursday, 28 August 2014 04:02 AM

මට නම් අපේ රටේ මීට වඩා ලස්සන කෙල්ලෝ ඉන්නවා (නි)

:       0       0

හිරාන් Thursday, 28 August 2014 04:17 AM

ඔසරියට නම් ලස්සනක් තියෙනවා. (නි)

:       0       0

සාම Monday, 24 November 2014 06:09 AM

මේ ගොල්ලො සාරි ඇන්දොත් නම් ලස්සනයි. (අ)

:       0       0

රංජිත් සිල්වා Thursday, 28 August 2014 04:43 AM

ආයුබෝවන් චීන ලංකා. (අ)

:       0       0

සංජය් Thursday, 28 August 2014 04:48 AM

මේ අය චීනෙට ලස්සන වුණාට අපට නම් එච්චර ලස්සන නැහැ (අ)

:       0       0

ටෙනිසන් Thursday, 28 August 2014 04:29 PM

ජෙහාන් , වරුනි කන පලාගන්න කැමතිද? (අ)

:       0       0

මහීපාල Thursday, 28 August 2014 05:20 AM

මෙයාලව නොරොච්චෝලේ බලන්නත් එක්ක යනවා නේද? (නි)

:       0       0

ගගන Thursday, 28 August 2014 05:30 AM

මට නම් ලස්සන නැහැ (නි)

:       0       0

සේනක Thursday, 28 August 2014 05:46 AM

නංගී, වළං වලින් නම් අපිට ඒ හැටි ගැටළුවක් නැහැ. අනේ ඉලෙක්ට්‍රික් වැඩ මොකවත් දන්නවා නම්, අර නොරොච්චෝලේ තියෙනවා ඔයාලගේ දක්ෂකමක්. පුලුවන් නම් පොඩ්ඩක් බලන්නකෝ. (නි)

:       0       0

පහන්දී Thursday, 28 August 2014 05:49 AM

ඔසරියට නම් මෙයාල ගොඩක් ලස්සනයි..!! (අ)

:       0       0

සෙලිනා Thursday, 28 August 2014 06:13 PM

ඇත්ත තිත්තයි වගේ නේද...? (අ)

:       0       0

රංජිත් සිල්වා Thursday, 28 August 2014 06:16 AM

අපේ සමහර කොළඹ ඉන්න "හායි මෙයාලට" තමා මේවා බැරි (අ)

:       0       0

අනුර Thursday, 28 August 2014 07:24 PM

මෙයාලට විවිධ මස් වර්ග දෙන්නේ නැද්ද? චීන්නු කන්නේ ඒවානේ.... අර වරුණිගේ කටේ මසුරන් දාන්න වටිනවා.නිසාන්ට අමාරු ඔසරිය ඔහොම වැහෙන්න ඇන්දොත් තමයි (නි)

:       0       0

අනුර Thursday, 28 August 2014 07:28 PM

එයාලා සංවරව ඔසරිය ඇඳලා ලකුණු දාගන්නවා......... බාගෙට ඇඳලා ශරීරය පෙන්වලා, නැටුම් නටලා අපේ කෙල්ලෝ මොකද කරන්නේ? (නි)

:       0       0

පද්මිණි Thursday, 28 August 2014 07:00 AM

කොපමණ සුදු වුණත් අපේ රටේ කළු කෙල්ලෝ තරම් ලස්සන නෑ (දිල්)

:       0       0

ජිවක Thursday, 28 August 2014 07:18 AM

පද්මිණිට ඊර්ෂියා වගේ (අ)

:       0       0

සිතුම් Thursday, 28 August 2014 10:09 PM

මේ කට්ටියට ඔසරිය අන්දා ඇති විදිහ හරිම සංවරයි. (නි)

:       0       0

කරුණාදාස Thursday, 28 August 2014 11:03 PM

ලස්සන තියෙන්නේ බලන කෙනාගේ ඇස්වලලුනේ. හැබැයි ඉතින් මම දකින විදියට ප්‍රතිශතයක් ලෙස ගත්තොත් ලංකාවට වැඩිය ලස්සන ගැහැණු ළමයින් ඉන්න රටවල් ගොඩක් තියෙනවා. ලංකාවෙත් ටිකක් ඉන්නවා. (නි)

:       0       0

ප්‍රසංග Thursday, 28 August 2014 09:09 AM

පද්මිණි: එහෙම කියන්න එපා. ලස්සන සාපේක්ෂයි. අපේ රටේ කෙල්ලෝ අපිට ලස්සනයි. චීන කෙල්ලෝ ඒ අයට ලස්සනයි. අප්‍රිකාවේ කෙල්ලෝ අප්‍රිකානුවන්ට ලස්සනයි. (අ)

:       0       0

අසෝකා Thursday, 28 August 2014 09:12 AM

තවත් කාලයක් ගියාම ලංකාවේ අය‍ට ඔසරිය අදින්න පුරුදුවෙන්න පුළුවන් මේ අයගෙන්! (අ)

:       0       0

සමන්ති Friday, 29 August 2014 12:18 AM

ළඟදීම චීන මැටි වළං ලංකාවට චීනයෙන් ලාබෙට එවයිද කියලා මට බයයි (නි)

:       0       0

ජෙහාන් Friday, 29 August 2014 01:45 AM

ටෙනිසන් අඳින්නෙත් ඔසරියද ? තරහ ගිහින් නිසා ඇහුවේ (නි)

:       0       0

නලින් යහම්පත් Thursday, 28 August 2014 10:21 AM

මේ චීන රුමතියන් තවත් ඔපවත් වෙලා අපේ ලංකාවේ සාරිය ඇන්දම. ඉතා ලස්සන අලංකාර දර්ශන කිහිපයක් මේවයින් දකින්නේ , ලංකාදීපයට ස්තුතියි. (ස)

:       0       0

දිල්ෂාන් Thursday, 28 August 2014 10:30 AM

අපේ රටේ ගැහැණියෙක් ඉන්නේ බාගෙට හෙළුවෙන්. චීන කට්ටිය නම් සංවරව ඉන්නවා. (අ)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 29 August 2014 02:00 AM

අනේ මන්දා! මේ ළමයින් ඔක්කොම හරිම කෙට්ටුයිනේ... (නි)

:       0       0

කාන්ති Friday, 29 August 2014 02:20 AM

වරුනි කියන දේ මමත් පිළිගන්නවා. (නි)

:       0       0

පද්මිණි Friday, 29 August 2014 02:57 AM

අපෙ රට අපිට ලස්සනයි මොකටද අප ජාතික අඩුම වනයට අන්දන්න අප රට මෙච්චර ලස්සන කාලේ එන්නාව (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 81 0

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 258 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට
2025 මැයි මස 13 628 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 411 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 2208 3

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 563 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1273 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1535 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site