IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ

(සුමිත් පොතුපිටිය)

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය 

මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, පානදුර පදිංචි රජයේ රෝහලක රාජකාරී කරන දන්ත වෛද්‍යවරියක බවද පොලිසිය සදහන් කරයි.

තුවාල ලැබූ වෛද්‍යවරියගේ පුත්‍රයා අසල වෙළදසැලකින්  චීන පටස් පහක් මිළදී ගෙන නිවසේ සාලයේ මේසය මත තබා තිබී ඇති අතර, ඒ ගැන නිසි අවබෝධයක්  නොමැතිව කුමක්ද යන්න සොයාබැලීම සදහා දන්ත වෛද්‍යවරිය දත් වලින් හපා පරීක්ෂා කිරීමට ගොස් මෙසේ බරපතල තුවාල ලබා ඇති බවද පොලිසිය සඳහන් කරයි.

චීන පටස් එක මුඛය තුලම පුපුරා යාමෙන් පසු මුහුන, දත් සහ මුඛයට බරපතල තුවාල සිදුව ඇති බවත් දත් කිහිපයකට හානි සිදුව  ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

බරපතල තුවාල ලබා සිටී වෛද්‍යවරිය කොළඹ ජාතික  රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින බවද වාර්ථාවේ.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද පිපිරීම සිදුවූ ස්ථානයේ පරීක්ෂා කිරීම් සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වති.



අදහස් (9)

චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ

sunil Saturday, 26 April 2025 08:36 PM

ඕනෑ නැති දේවල් හපන්ට යන අයට හොඳ පාඩම...

:       0       0

බකල ජයා Saturday, 26 April 2025 09:46 PM

වෘත්තීය අනුව අලුත් දෙයක් පරීක්ෂා කරන්න ගිය උගත් වෛද්‍යවරියට පානදුර බෝ සමිඳු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා!

:       0       0

Indhika Sunday, 27 April 2025 05:03 AM

දැන් GOMA සෙට් එක ස්ට්‍රයික් කරයි නේද.

:       0       0

Warnasinghe Sunday, 27 April 2025 07:32 AM

මගේ කුහරයක් සහිත දතක් ගලවා ගැනීමට පානදුර මූලික රෝහලට ගිය විට එහි වෛද්‍යවරිය කුහරය සහිත දත එසේම තිබෙන්නට හැර හොඳ දතක් ගලවා ඉවත් කරගත්තා. ඇයටද දන්නේ නැහැ මේ අකරතැබ්බය වෙලා ඇත්තේ

:       0       0

Wasantha Sunday, 27 April 2025 08:49 AM

සම සෞඛ්‍ය සේවා සඳහා බුද්ධි පරීක්ෂණ පේපර් එකකට පිළිතුරු ලියන්න කිව්වම බොහෝදෙනෙක් විරුද්ධත්වය පෙන්වූ බව පුවතකින් දැක්කා මේ සිද්ධියෙනුත් එම අවශ්‍යතාවය පැහැදිලිව පෙන්වා තියෙනවා මෙහෙම වෛද්‍ය වරුන්ගෙන් වරියන්ගෙන් ප්‍රතිකාර ගන්නා අයට දෙයියන්ගේම පිහිටත්, වාසනාවත් හැර අන් පිහිටක් නැහැ

:       0       0

MD Sunday, 27 April 2025 09:38 AM

අන්නෝන්‍ය බැඳීමක් නැති පවුලක සිදුවීමක් ගැඹුරින් හිතලා පිළිතුරු ලබාදෙන්න.

:       0       0

chandima Sunday, 27 April 2025 10:47 AM

නෝනා උදේ හවස චීන පටස් හපනවා ඇති... නැතිනම් මෙහෙම කරාවිද? දොස්තර කෙනෙක්ද? කොන්දොස්තර කෙනෙක්ද?

:       0       0

fairoos Sunday, 27 April 2025 11:29 AM

නියම දත් දොස්තර කෙනෙක් වගේ...!

:       0       1

sam Sunday, 27 April 2025 12:48 PM

මෝඩකම ඇහුණු හැම දෙයක්ම කටේ දාගන්න ගියාම වෙනදේවල්...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 1670 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 330 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 629 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 875 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 492 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 319 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 363 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 96 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site