IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


චීන නියෝජිතයෝ මහින්ද හමුවෙති

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන කොම්යුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂු මහතාගේ නායකත්වයෙන් යුතු නියෝජිත පිරිස සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (15) හමුවක් පැවැත්වුණ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

එහිදී චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය, ද්විපාර්ශ්වික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් සාකච්ඡාවක නිරත වූ බවත් පක්ෂ දෙකක් ලෙස කොම්යුනිස්ට් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර අදහස් හුවමාරු කර ගත් බවත් චීන තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.

එසේම අද(16) උදෑසන උප අමාත්‍ය චෙන් ෂු මහතා චීන කොම්යුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රස් සමුළුව පිළිබඳ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වූ බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය. 



අදහස් (5)

චීන නියෝජිතයෝ මහින්ද හමුවෙති

ganegoda Monday, 16 January 2023 05:24 PM

ඔන්න තොණ්ඩුව දාගෙන එනෝ... පරිස්සම් වෙයල්ලා...!!!

:       5       10

kapila Monday, 16 January 2023 06:42 PM

දැන් කියයි දන්නෙම නැතුව අපිට තව ණයක් දුන්නයි කියලා.

:       0       7

මැක්ස් Monday, 16 January 2023 07:13 PM

චීන්නු දන්නවා ලංකාවේ සැබෑ නායකයින් කවුද කියලා! (රාජපක්ෂ නම ඇසූ පමණින් භූමිතෙල් ගෑවුණු ගැරඞි බවට පත්වන කුහකයිනි, දැන් ඉතින් මට බණින්න.)

:       10       1

kapilaMonday, 16 January 2023 08:24 PM

ඇත්ත. ඒ අය දන්නවා කාවද ලේසියෙන්ම ණය උගුලට අහුකර ගන්න පුළුවන් කියලා...

:       0       0

සෙනෙවිරත්න Monday, 16 January 2023 09:38 PM

දන්නව දන්නව, පරන ගනුදෙනුවක් කතා කරන්න එන්න ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site