IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


චීන නායකයාට රතු පලස

දෙදින නිල සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජිංපිං මහතා අද (16) පෙරවරු 11.30ට ශ්‍රී ලංකාවට සැපත් වේ.

චීන නායකයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරනුයේ වසර 28කට පසුවය.

රුපියල් කෝටි 39600 පමණ ආයෝජන ද රැගෙන එන චීන ජනාධිපතිවරයා,  මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති සමඟ ද්වී පාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අඩු ගණනේ දෙරට අතර ගිවිසුම් 20ක් පමණ ඇති කර ගැනීමට ද යයි.

චීන ජනපති, ජනපති ආර්යාව හා නියෝජිත පිරිස කටුනායක දී රතු පලස එළා හරසරින් පිළිගැනීමට සියල්ල සූදානම් කර ඇත.

ගාලු මුවදොරත් පිළිගැනීමේ උත්සවයක් පැවැත්වේ. ඒ නිමිත්තෙන් අදත් හෙටත් කොළඹ මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කැරේ.

චීන ජනපති ෂී ජිංපිංගේ ඡායාරූපය වෙනුවට හිටපු ජනාධිපති හූ ජිංටාඕ මහතාගේ ඡායාරූපය අද ලංකාදීප පත්‍රයේ පළවූයේ ප්‍රමාද දෝෂයකිනි.

 



අදහස් (0)

චීන නායකයාට රතු පලස

නිරූපා පෙරේරා Tuesday, 16 September 2014 05:30 AM

අපේ ශ්‍රී ලංකාවට සුභ පතනවා (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 17 September 2014 03:26 AM

ණය දෙන එකත් එකයි ණය ගන්න එකත් එකයි. ඔක්කොම ණය කාරයෝ. අපේ මුතුන් මිත්තෝ රට බත බුලතින් සශ්‍රීක කළේ වෙන කාගෙන්වත් ණය අරන් නොවේ. ණය අරගෙන අප ගමන් කර තියෙන්නේ පස්සට. (නදී)

:       0       0

කර්තිනි Tuesday, 16 September 2014 06:01 AM

රුපියල් කෝටි 39600? අපි ගොඩ නේ රජෝ? (නදී)

:       0       0

මන්ජු Tuesday, 16 September 2014 06:30 AM

මුළු ලංකාවටම සතුටුවිය හැකි කරුණකි. ලෝකයේ දෙවන බලවතා ලංකාවේ ආයෝජනය කිරීම රටටම ආඅඩම්බරයක් . ඒ වගේම ඇමෙරිකාවට කනේපරක් ගැහුවා වගේ. (අ)

:       0       0

ආශා Tuesday, 16 September 2014 06:38 AM

ණය කන්දක් අරගෙන එනකොට කාටද ආඩම්බර! රතු පලසක් දාල පිළිගන්න. තරහ කර ගන්න එපා. (අ)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 16 September 2014 07:17 AM

අනාගතේ ලෝක බලවතා චිනයයි, ඔවුන් සමග එකට සිටීම ලංකාවේ අනාගතයටද මහත් රුකුලක් වනුඇත. (අ)

:       0       0

පතිරණ Tuesday, 16 September 2014 09:02 AM

චීන ආයෝජන වලින් නම් අපිට ඇති වැඩක් නැහැ චීන්නු ඇවිත් මෙහෙ වැඩ කරලා අපේ සම්පත් හුරගෙන යනවා ලොක්කොන්ටත් වාසි තියෙන අපි නය ගෙවනවා. (දී)

:       0       0

සදුනි Tuesday, 16 September 2014 05:08 PM

සදා නොවෙනස් මිතුරා, චීනය.... මේ රටේ මොන පාට ආණ්ඩු තිබුනත් චීන මිතුදම එලෙසම පැවතුනා. (නි)

:       0       0

හේමන්ත Wednesday, 17 September 2014 07:16 AM

සෑම දුෂ්කර අවස්ථාවන් හීම ලෙන්ගතුව අප හා සිටි හෘදයාංගම මිතුර. අප ඔබ ආදරයෙන් පිළිගනිමු (නදී)

:       0       0

සුබසිංහ Tuesday, 16 September 2014 08:55 PM

කප්පරක් ණය අරගෙන ඇවිල්ලා අපිට දුන්නත් මම නම් ආඩම්බර වෙන්නේ නැහැ. (නි)

:       0       0

සමීර සාලින්ද Tuesday, 16 September 2014 09:36 AM

රට චීනෙට අපි වලට ඔහොම යන් (නදී)

:       0       0

සුරන්ජිත් ලාල් Tuesday, 16 September 2014 09:49 AM

අනේ අම්මෝ ඔය නය ගෙවන්නේ කොහොමද. දැන් ගෙවන ණයයි ඔය ණයයි දෙකම එකතු වුනාම මුළු ලංකාවම විකුණලත් බැරි වෙයි ආපසු ගෙවන්න (නදී)

:       0       0

රසික Tuesday, 16 September 2014 10:51 AM

අපිට කොහෙද රතු පලස් (දී)

:       0       0

රොෂාන් Tuesday, 16 September 2014 11:08 AM

මෙම මුදලින් රට ගොඩ නගා ගතහොත් අපට කාටවත් අත නොපා ජීවත්වීමට හැකිවේවි. එමෙන්ම චීනය හොඳ රටක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site