IMG-LOGO

චීන ජනාධිපති යළි ජනතාව අතරේ

හමුදා කුමන්ත්‍රණයකින් පසු, නිවාස අඩස්සියට පත් කළේ යැයි පැවැසුණු චීන ජනාධිපති ෂී ජින්පින් යළි ජනතාව අතරට ගියේය. ඒ, බෙයිජීං අගනුවර ප්‍රදර්ශනයක් විවෘත කරමින්, ඊට සහභාගී වෙමිනි.

චීන ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියට පත් කළ බවත්, චීන හමුදාව රටේ බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළ බවත් කිසිදු පැහැදිලි හේතුවකින් තොරව ගුවන් ගමන් බොහෝමයක් හිටිහැටියේ අත්හිටුවා දැමුණු බවත් ආදී පුවත් රැසක් පළ වන්න වූයේ පසුගිය සති අන්තයේය.

ඒ, චීන රජයේ උදහසට ලක් වී, චීනයෙන් පිටුවහල් වී ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ජීවත් වන චීන මාධ්‍යවේදියකු සිය ට්විටර් ගිණුම ඔස්සේ පළ කළ තොරතුරු පාදක කර ගනිමිනි.

(රොයිටර්)



අදහස් (3)

චීන ජනාධිපති යළි ජනතාව අතරේ

sujeewar Wednesday, 28 September 2022 08:35 AM

චීනය, රැසියාව වැනි රටවල් හා ඊට පක්ෂපාතී රටවල් සමබන්ධයෙන් ලෝක ජනමාධ්‍යය හැසිරෙන්නේත්, එවැනි ප්‍රවෘත්ති ව්‍යාප්ත වන්නේත් මෙලෙස බව අප වටහා ගත යුතුය. කණගාටු විය යුත්තේ අපේ රටටද මෙලෙසම කරන කණ්ඩායමක් ඇති බව අප අවබෝධ කර නොගෙන ප්‍රවෘත්ති දුටු පමණින් ඒවා විශ්වාස කර කලබල වී විනාශකාරී ක්‍රියාවලට පෙළඹීමට හා පෙළඹවීමට තරම් පරගැති හා අවැඩදායී මිනිසුන්ද පිරිසක් සිටීමට..

:       1       22

යකාගෙ නීතිය Wednesday, 28 September 2022 01:01 PM

ඇමෙරිකාවට හරි, බටගිර රටකට හරි පයගහපු ඕන කෙනෙකුට තමන්ගේ රට මාසෙකින් උඩු යටිකුරු කර විනාශ කර දමන්න පුළුවන්... කළයුත්තේ තමන්ගේ රටට විරුද්ධව ප්‍රකාශ දෙක තුනක් මාධ්‍යයට නිකුත් කිරීමයි. ඒවා එයාලා ගාණට උණු කැවුම් වගේ ලෝකෙට බෙදා හරින්නේ හරියට ඇස් දෙකෙන් දැකලා කනින් අහලා අල්ලලත් බැලුවා වගේ. බටහිර ඇමරිකන් මාධ්‍යය අද පුවත් විකාශනය කරන්නේ යුක්‍රේනය රුසියාවට සයිබීරියාවෙන් එහාටත් පලවා හැරිය විදියට. ඒත් සෙලෙන්ස්කි බටහිරෙන් හිඟාකනවා.. අපි මැරෙන්න යන්නේ අපිව තනිකරන්න එපා... උදව් කරන්න කියකියා... යුරෝපයේ, ඇමෙරිකාවේ ලණුකාලා රුසියාව තරහ කරගෙන යුරෝ පවුම් කඩාගෙන වැටෙනවා. ඩොලරය අවුරුදු 22කට පස්සේ වේගෙන් ඉහළ යනවා. ඇමෙරිකාව අත දැම්මා කියන්නේ එතැනම අසූචි ගොඩක්...

:       0       12

Prabha Wednesday, 28 September 2022 01:29 PM

පුටින්ගේ පිළිකා රෝගයේ දෙවැනි කොටස...! 

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 219 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site