
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චීන අධ්‍යයන චාරිකාවෙන් ප්‍රතිඵල රැසක් ළඟා කර ගත් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
අධ්‍යයන චාරිකාවේ නිරත වූ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මන්ත්‍රී පිරිස එරට නායකයන් පිරිසක් සමග ද්වි පාර්ශවික සාකච්ඡාවලද නිරත වූහ.
චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමේ ජාත්‍යන්තර සහයෝගිතා මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කළ විශේෂ වැඩමුළුව ජුනි 20 සිට ජූලි 6 දක්වා සාර්ථකව පැවැත්විණි.
ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා -චී න පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරීහු සහ විධායක කමිටු සාමාජිකයෝ මෙම නියෝජිත පිරිසට අැතුළත් වූහ.
මේ අනුව මෙම වැඩමුළුවට ආණ්ඩුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, අජිත් ගිහාන්, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, දිනින්දු සමන් හෙන්නායක, භාග්‍ය ශ්‍රී හේරත්, අබූබකර් අතම්බාවා, අශෝක ගුණසේන සහ තනුර දිසානායක යන මහත්ම මහත්මීහූද විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කින්ස් නෙල්සන්, බී.ආරියවංශ සහ නීතිඥ අනුරාධ ජයරත්න යන මහත්වරුද
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න, ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු සන්ධාන නිලධාරී රනිල් නානායක්කාර සහ පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරිනී තිළිණි තුෂාරිකා ගමගේ යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ
නියෝජිත පිරිස ලියොනිං පළාතේ අගනුවර වන ෂෙන්යැං නගරයේ සංචාරයක නිරතව ෂෙන්යැං උප නගරාධිපති ලියු කෙබින් මහතා සමඟ ඵලදායී සාකච්ඡාවක්ද පැවැත්වූහ.
මෙම අධ්‍යයන වැඩසටහනට ක්ෂේත්‍ර චාරිකා සහ සංස්කෘතික නැරඹුම් ක්‍රියාකාරකම් කිහිපයක්ද ඇතුළත් විය. නියෝජිත පිරිස නැගෙනහිර චීනයේ ජියැංසු පළාතේ අගනුවර වන නැන්ජින් වෙතද සංචාරයක නිරත වූහ. සංචාරය අතරතුර දූත පිරිස ජියැංසු පළාතේ උප ආණ්ඩුකාර චෙන් ෂොංවෙයි මහතා සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවූ අතර දෙරට අතර සුහද සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.
බීජිං හි ජූලි 5 වැනිදා පැවති සමාප්ති උත්සවයකින් අධ්‍යයන වැඩමුළුව අවසන්විය. මෙම අවස්ථාවට චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමෙහි ජාත්‍යන්තර සහයෝගිතා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතාද සහභාගී වූහ.


2025 නොවැම්බර් මස 04
473
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2222
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන චාරිකාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලොකු පාඩමක්