IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


චීන කොමියුනිස්ට් නියෝජිතයෝ ජවිපෙ කාර්යාලයට

(අංජුල මහික වීරරත්න)

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජිත කණ්ඩායමක් නිරීක්ෂණ චාරිකාවක් බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්  ප්‍රධාන කාර්යාලයට පැමිණියහ. 

මෙම නියෝජිත පිරිසට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ තොරතුරු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් KANG Shuai, බීජිං නාගරික කමිටු පක්ෂ පාසලේ සහය මහාචාර්ය JIANG Wen , චීන කොමියුනිස්ට් පක්ෂයේ තොරතුරු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ZHANG Guifeng මහත්ම මහත්මීහු  ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

නියෝජිත පිරිස ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයට පැමිණ ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින ස්වාභාවික ආපදා තත්වය සම්බන්ධයෙන් සහ විපතට පත්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. 

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දේවානන්ද සුරවීර, ලක්මාලි හේමචන්ද්‍ර සහ මහරගම නගර සභාවේ නගරාධිපති සමන් සමරකෝන්, උප නගරාධිපතිනි රන්ජනී නාඔටුන්න, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (1)

චීන කොමියුනිස්ට් නියෝජිතයෝ ජවිපෙ කාර්යාලයට

akila kularathne Thursday, 04 December 2025 10:43 PM

ඔය පැලවත්තේ නෙමෙයි නේද..? ඔය මහරගම කාර්‍යාලය නේද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site