(අංජුල මහික වීරරත්න)
චීන රජය මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක් හෙට (09) සිට අස්වනු නෙලීම සඳහා ගොවි ජනතාවට නොමිලයේ බෙදා හැරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමක් පරිදි චීන රජය විසින් ඩීසල් ලීටර් මිලියන 10.06 ක් මෙරට කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව මුහුණ දී සිටින ආර්ථික අපහසුතා සැලකිල්ලට ගනිමින් නොමිලයේ පරිත්‍යාග කරනු ලැබීය.
එයින් කෘෂි කාර්මික කටයුතු සදහා ඩීසල් ලීටර් මිලියන 6.98ක් ලබා දුන් අතර ඉතිරි ප්‍රමාණය ධීවර කටයුතු සඳහා යෙදවීමට තීරණය කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන ඉන්ධන හෙට සිට ගොවීන්ට නොමිලේ දෙයි
sena Sunday, 08 January 2023 12:47 PM
පළාත් පාලන ඡන්දෙන් යූඑන්පී එක ගොඩ. තෙල් දුන් පියා. එහෙමත් නැතිනම් තෙල්සේන කුමාරයා...
Lal Sunday, 08 January 2023 07:04 PM
හොඳ වැඩක් ජනාධිපතිතුමනි...!
සුරංග Sunday, 08 January 2023 09:08 PM
ඉන්ධන හෙට සිට දෙනවා කියන්නෙ මෙයට පෙර ගොවීන්ට ගෙවීමට ලැබුනා කියන මුදල් බෙදාහැරීම කරලද කියලා අහන්න කැමතියි මොකද තාමත් එම මුදල් නැත්තේ ඒවා සුනාමි ආධාර වගේ වෙලාද කියලා අහන්න වෙනවා අපිට නම් තාමත් එම මුදල් ලබාදීමට කටයුතු කරල නැහැ
Lalla Sunday, 08 January 2023 09:15 PM
ඇයි අපි පිනට කන්නේ...? නොමිලේ දෙන කිසිම දෙයක් නෑ. අධික වන්දි ගෙවන්න සිද්ධ වෙනවා නිසැකයි. ප්‍රෞඩ ජාතියක් ලෝකය ඉදිරියේ හිඟන්නන් කළ රාජපක්ෂ පවුලට ශාප වේවා...!!!