(අංජුල මහික වීරරත්න)
චීන ඉන්ධන සහනය ගොවීන්ට දෙන දිනය සතියකින් පමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව ලබන සඳුදා(16) අදාල ඉන්ධන සහනාධාරය ගොවි ජනතාවට ලබාදෙන බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම ඉන්ධන සහනාධාරය අද (9)සිට ලබා දීමට අමාත්‍යංශය කලින් තීරණය කර තිබිණි.
නමුත් වී අස්වනු නෙලීම අරඹන්නේ මේ මාසයේ අග සිට හෙයින් ඉන්ධන සහනාධාරය ලබාදීම තව සතියකින් පමා කිරීම සුදුසු බව නිලධාරීන් අමාත්‍යාංශයට උපදෙස් දී තිබිණි.
ඒ අනුව මෙවර මහ කන්නයේ දී වී වගා කරන ගොවි ජනතාව සඳහා චීන රජය විසින් ලබා දෙන ලද ඩීසල් ලීටර් මිලියන 6.8ක් ලබන සඳුදා (16) සිට ගොවීන් හත් ලක්ෂ දෙදහසකට හෙක්ටෙයාර් තුන්ලක්ෂ හැත්තෑදහසකට නොමිලේ ලබා දෙන බව කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
සඳුදා සිට ඉන්ධන වවුචර් ගොවීන් වෙත ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.
2025 දෙසැම්බර් මස 18
204
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන ඉන්ධන ගොවීන්ට දීම සතියකින් කල් දමයි