IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


චැනල් 4 ගැන යූ.එන් පරීක්ෂණයක් ඉල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ 2019 වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කළ යුතු බවත් එම සිදුවීමේ සියලු පැති ආවරණය වන පරිදි ස්වාධීන පරීක්ෂණයක් ජාත්‍යන්තර සහාය ඇතිව පැවැත්විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අද (06) ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

එසේම පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බවද මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

සත්‍ය සෙවීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් වරදකරුවන් සිදුකළ වරදවල් පිළිබඳ වගකීම් එම වරදකරුවන්ට ලබා දීමට ප්‍රමාණවත් යාන්ත්‍රණ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවත් එසේම වෙනසක් සිදු කිරීමට දේශපාලන අධිෂ්ඨානයක්ද තිබිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳව ක්‍රියාත්මක වන යාන්ත්‍රණ ප්‍රමාණවත් නොවන බවද එම වාර්තා වේ සඳහන් වේ.ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 14 ක කාලයක් ගෙවුණත් තවමත් දස දහස් ගණනක් වූ වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් සත්‍ය, යුක්තිය සහ විසඳුම් සොයමින් වේදනා විඳින බවද එම වාර්තාවේ දැක්වේ.

 



අදහස් (7)

චැනල් 4 ගැන යූ.එන් පරීක්ෂණයක් ඉල්ලයි

කිරිපුතා Wednesday, 06 September 2023 11:36 PM

මෙයාලා හැමදාම වින්දිතයන් කියන්නෙ කොටින්ට සහ දෙමළ වැසියන්ට. කොටි ත්‍රස්තවාදීන් රට පුරා බෝම්බ පුපුරවපුවා, අහිංසක සිංහල වැසියන් , දරවන් , සඟර්වන ඝාතනය කරපුවා. රටේ දේපළ විනාශ කරපුුවා ඒ මොකුත් නොදන්න U.N. එකේ තොත්ත බබාලා කොටින්ගේ චැනල් 4 එකෙන් කියන ඒවා ඉහ මුදුනින් පිළි අරන්.

:       3       7

C.K.Lankaputhra Thursday, 07 September 2023 05:58 AM

ස්තුතියි සර්

:       2       3

ranjith Thursday, 07 September 2023 06:57 AM

බංකොළොත් රටක් වෙලා ලෝකයේ ප්‍රසිද්ධ වුණා... දැන්වත් වැඩක් කරනවා නම් මේ වගේ අත පෙවීම් එන්නේ නැහැ...

:       3       12

පිටිගල මිලානෝ Thursday, 07 September 2023 10:03 AM

ජරාම ජරා රටක් විධියට මුලු ලෝකයේම අපේ රට ගැන ලියවිලා ඉවරයි. මේ ගැන සම්පූර්න වගකීම මැදමුලන මෝඩ හොර කල්ලිය බාර ගත යුතුයි. බියගුලු විරුවා කියන එකා චන්දේ ඉල්ලුවේ පාස්කු අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනෙනවා කියමිනුයි. ඒත් ඒමිනිහා ඒක කරේ නැහැ. ඒ අය හිතන්නේ බයියෝ අන්දනවා වගේ ලෝකෙම අන්දන්න පුලුවන් කියලා. දැන් ට්‍රෙන්ඩ් එකේ විධියට ජනහිතවාදී ආණ්ඩුවක් ඇවිත් මුන් ඔක්කොම වැලිකඩට ගාල් කරන දිනය වැඩි දුරක නැහැ.

:       5       22

Bamunuarachchi Friday, 08 September 2023 09:59 AM

මැදමුලන මේක සිංහල රටක් කෙරුවේ නැතිනම් පිටිගලට බොට එන්න වෙන්න ප්‍රභාකරන්ගේ අවසරෙන්. මේක සිංහල රටක් කරන්න ගිහිල්ලයි රාජපක්ෂලා අමාරුවේ වැටුනේ. කොන්ද කෙලින් තියාගෙන අපේ හමුදාව යුද්ද අපරාධ කලේ නැහැ කියන්න, no casualties කියන්න ඝටක් මහින්දට තිබුනා . ඒවා තමයි නරකට හිටියේ. උඹලා වගේ පෙන්දෙක් නොවෙයි මහින්ද? සිංහල අපිට හොඳ නායකයෙක්. අපි ඔක්කොම හොරු කියලා වෙල්ගම අද පාර්ලිමේන්තුවේ කිව්වා එත් අපි භය නැති මිනිස්සු කියන්න උන්ට බැහැ. මහින්දට පුළුවන්.

:       0       0

Anonymous Thursday, 07 September 2023 02:52 PM

කොහේ හරි මෝඩයෝ රැලක් මෝඩ කතාවක් කිව්වම තවත් මෝඩයෝ ටිකක් කියනවා පරීක්ෂණයක් තියන්නලු.

:       6       5

AmareThursday, 07 September 2023 09:37 PM

කවුද මෝඩ? ඔයා දන්නවා UN කියන්නේ මොකක්ද කියලා... අනිවාර්යයෙන් පරීක්ෂණයක් තියන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site