IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


චීනය ලක් තේ වලට වහ වැටෙයි

චීනය තුළ මෙරට තේ කර්මාන්තය ජනප්‍රිය කරවීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විිසින් සංවිධානය කළ විශේෂ  ප්‍රචාරණ  වැඩසටහනක්  බේරුවල සිනමන් බේ හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිනිය වන ජානකී කුරුප්පු මහත්මිය පැවසුවේ චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ සංවිධායක කමිටුව  විසින් කරන ලද ආරාධනයකට අනුව චීනය තුළ  මෙරට තේ කර්මාන්තය පිළිබඳව ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා මෙය අවස්ථාවක් කර ගත් බවයි.

මෙහිදී ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් දේශීය  සංස්කෘතික අංග එක් කරමින් නාට්‍යමය ස්වරූපයෙන්  ඉදිරිලත් කළ  මෙරට තේ කර්මාන්තයේ ආරම්භය හා ව්‍යාප්තිය පිළිබඳ වැඩසටහනට කාගෙත්  සිත් ගත් බවක් පෙණිනි.

වැඩසටහන අවසන් වනවාත් සමගම  එහි පැමිණි චීන ජාතිකයෝ  රැසක් තේ කොළ මිළදී ගත්හ.

 1 3 4 6 7 8 9 10

 

 

.

 

දිවයිනට පැමිණ සිටින චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ රූ රැජිණියන් සඳහා මෙහිදී විශේෂ තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

 

 



අදහස් (0)

චීනය ලක් තේ වලට වහ වැටෙයි

සිරි Sunday, 31 August 2014 09:25 AM

අපොන්සු, ලුම්බිණි සහ මංගලී, ලෝකයේ හොඳම තේ, සිලෝන් ටී. සිලෝන් කියන්නේ ලංකාවට බව ඹයාලා දන්නෙ නැද්ද? (නි)

:       0       0

නස්රී Sunday, 31 August 2014 10:01 AM

මොකද අපේ තරුණියන් අඩ නිරුවතින්? මේවා මොන සංවිදානයකටවත් පේන්නේ නැහැ. (නදී)

:       0       0

සදුනි Sunday, 31 August 2014 01:54 AM

ඉතා අනගි උත්සාහයක්.චීන තේ වෙළදපොළ ජයගන්න පුලුවන් නම් ඒක විශාල ජයග්‍රහණයක්. (නි)

:       0       0

අපොන්සු Sunday, 31 August 2014 02:42 AM

සුද්දා චීනාගෙන් තමයි තේ පැල හොරකම් කරලා ලංකාවත් ඉන්දියාවටත් එවුවේ. ඒ නිසා චීනයේ රතු තේ වෙළදාම සම්පුර්ණයෙන්ම බිඳවැටුනා. (නි)

:       0       0

අර්ජුන් රණවීර Sunday, 31 August 2014 03:17 AM

බලාගෙනයි චීනය ලක් තේ වලට වහ දමයි. අන්තිමේදී අපට කන්න වෙන්නේ වහ

:       0       0

ජනනි Sunday, 31 August 2014 03:23 AM

තේ වලට ප්‍රචාරය ලැබෙන්නේ ඔතන කරන මෝස්‌තර නිසා නොවේ. පිටරට යවන තේ වල ප්‍රමිතිය අනුවයි. (අ)

:       0       0

චමින්ද Sunday, 31 August 2014 03:29 AM

එතකොට, මේ චීන ලඳුන් ලංකාවට එන කම්ම,චීන ජාතිකයන්ට ලංකාවේ තේ පිළිබඳිව අවබෝධයක් තිබිලාම නැද්ද......? (අ)

:       0       0

චන්ද්‍රා Sunday, 31 August 2014 03:41 AM

මේවගේම ලංකාවේ කසල තේ ජාවාරම් නතරකරන්න කටයුතු කරන්න, එවිට ලංකා තේ වලට හොද කලක් යාවි, (අ)

:       0       0

දිමුතු Sunday, 31 August 2014 03:58 AM

කොළොඹ නගරය තුල ඉඩම් ටිකක් වෙන්කර චීන ටෝව්න් එකක් හදමු. චීන්නු එයි. ඉතාලියේ මිලානෝ වල සහ වෙනත් රටවල මෙවැනි කොටස් තියෙනවා. චීන්නු එවිට එහි ආයෝජනය කරාවි. (අ)

:       0       0

ලුම්බිණි Sunday, 31 August 2014 04:33 AM

චීනය පාවිච්චි කරන්නේ ග්‍රීන් තේ මිස රතු තේ නොවෙයි. (ස)

:       0       0

සුනිල් විතානගේ Sunday, 31 August 2014 04:47 AM

මේ කට්ටිය ඔක්කෝම ඡන්දෙ ඉල්ලන්න. අපරාදේ පාර්ලිමේන්තු නොයා ඉන්නේ. (ස)

:       0       0

සේන Sunday, 31 August 2014 05:56 AM

කසල තේ වෙළදාම නවත්වල ප්‍රමිතිය ඉහල දැම්මොත් අපේ තේ මිලදී ගන්න චීන්නු ඕන නැහැ.(අ)

:       0       0

මංගලී Sunday, 31 August 2014 06:27 AM

ලෝකේ හොදම තේ තියෙන්නේ චීනයේ.අපිට ඒ තේ බොන්න බෑ.අපි බොන්නේ රොඩු නිසා.චීනයේ ග්‍රීන් තේ රෙඩ් තේ සේරම තියෙනවා.(අ)

:       0       0

සමන්ත Sunday, 31 August 2014 06:52 AM

අපේ කෙල්ලෝ චීන කෙල්ලන්ට වඩා ලස්සනයි.(අ)

:       0       0

කුමාර Sunday, 31 August 2014 07:04 AM

අනේ මේරටේ දොඩවන සංවරභාවය, ගෑනුන්ගේ විලි බිය නැතිකරලා ඇඟ පසඟ පෙන්නලාද ලංකාවේ තේ ප්‍රචාරය කරන්න හදන්නේ? (අ)

:       0       0

පෙරේරා Sunday, 31 August 2014 07:13 AM

බහු ජාතික සමාගම් වලට තේ වතු ටික අයිති නැතිනම් මෙලහකටත් අපිට චිනෙනේ ගෙන්නන තේ තමයි බොන්න වෙන්නේ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site