IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


චීනය නව රජය සමඟ වැඩට ලෑස්තියි

නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව චීනය පවසයි.

චීන රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චුනීන් පවසන්නේ මහමැතිවරණය ක්‍රමවත්ව හා සාමකාමීව පැවති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සුබපතන ඇය, නව රජයේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජීය වශයෙන් ඉතා ඉහළ වර්ධනයක් කරා ළඟාවනු ඇති බවට චීනය විශ්වාස කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

චීනය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක සිට පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ රටවල් රැසක නායකයින් සුභ පැතුම් එක්කර තිබිණි.

 



අදහස් (0)

චීනය නව රජය සමඟ වැඩට ලෑස්තියි

සිල්වා Thursday, 20 August 2015 03:52 PM

චීනය, ඇමරිකාව, යුරෝපයේ හැම රටක් එක්කම හොඳින් වැඩකරමු. ගෝලීයකරණය තුළ රටට වාසි හැමදෙයක්ම ලබාගැනීම සඳහා බුද්ධිමත්ව ක්‍රියාකළහොත් රට ඉදිරියට ගෙනයන එක මහා ලොකු දෙයක් නෙමෙයි. (නි)

:       0       0

වැකෝ Thursday, 20 August 2015 09:24 AM

චීනය ශ්‍රී ලංකාවේ කල්‍යාණ මිත්‍රයෙක් (බ)

:       0       0

දුමින්ද Thursday, 20 August 2015 10:02 AM

මකර අත-හිත (ම)

:       0       0

එඩ්වඩ් Thursday, 20 August 2015 10:39 PM

මට පෙනෙන්නේ ඉන්දියාව සහ බටහිර රටවල පැතුම් අසාර්ථක වගෙයි (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 20 August 2015 12:28 PM

අපේ රටට උචිත අනන්‍යතාවයකින් මේ හැම රටක් රාජ්‍යක් සමගම සහයෝගයෙන් වැඩ කරනවානම් අපිට ඉදිරියට එන බාධක ජයගත හැකිය. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site