(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ණය බරින් නිදහස් වීමට දරණ උත්සාහයේදී චීනය ශ්‍රී ලංකාවට සහාය වීමට කැමති බව චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ෂාඕ ලීජියැන් මහතා පවසයි.
අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සහ රාජ්‍යයන් සමග චීනයද ශ්‍රී ලංකාව ණය බරින් නිදහස් වීමට දරණ උත්සාහයේදී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට සුදානම් බව ඊයේ (8) පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ෂාඕ ලීජියැන් මහතා ප්‍රකාශ කළේය.
විදේශ ආයෝජන හවුල්කරුවන්ගේ නීත්‍යානුකූල අයිතීන් සුරක්‍ෂිත කරන ලෙසත් දේශීය වෙළෙඳපොළේ ස්ථාවර ක්‍රියාකාරිත්වය සහතික කරන ලෙසත් චීනය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව ෂාඕ ලීජියැන් මහතා තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බ්ලූම්බර්ග් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී දකුණු ආසියාතික රටවල මූල්‍ය අර්බුදවලට වෙනදා මෙන් චීනයේ අවධානය යොමු නොවන බව පැවසූ අතර චීනය දකුණු ආසියාව වෙත යොමුකර තිබූ අවධානය කෙමෙන් කෙමෙන් ගිලිහී යන බවත් අග්නිදිග ආසියාව සහ අප්‍රිකාව වෙත චීනයේ උපාය මාර්ගික අවධානය යොමු කරමින් සිටින බව පෙනෙන්නට තිබෙන බවත් ප්‍රකාශ කළේය.
එයට පිළිතුරු දුන් ෂාඕ ලීජියැන් මහතා ශ්‍රී ලංකාව හොඳ මිතුරකු බවත් චීනය ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 500 ක් (ඩොලර් මිලියන 74.9 ක් පමණ) මානුෂීය ආධාර ඇතුළුව තවත් එවැනි සහන ලබා දී තිබෙන බවත් පැවසුවේය.
එසේම දකුණු ආසියානු රටවල් සමඟ යහපත් අසල්වැසි සබඳතා වර්ධනය කර ගැනීම චීනය ඉතා වැදගත් කොට සලකන බවත් කලාපීය සාමයේ සහ සංවර්ධනයේ ධනාත්මක ප්‍රවණතාවය පවත්වා ගෙන යාමටත්, ජනතාවට වැඩි ප්‍රතිලාභ ගෙන දීමටත් චීනය සූදානමින් සිටින බව ෂාඕ ලීජියැන් මහතා ප්‍රකාශ කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
චීනයෙන් ජනපතිට පිළිතුරක්
Ananda Thursday, 09 June 2022 10:35 AM
ලංකාවෙන් බාගයක්ම ඉල්ලයි.