IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චෙන්නායි සුපර් කිංග්ස් ලොක්කාට මුම්බායි පොලිසියට එන්න කියයි

අයි. පී. එල්. තරගාවලියේ තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් දැනට උද්ගතව තිබෙන අර්බුදකාරී තත්ත්වය වෙනස්ම ඉසව්වකට ඇදගෙන යමින් චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ප‍්‍රධානියා වන ගුරුනාත් මෙයියප්පන්ට වහාම මුම්බායි පොලිසියේ පෙනී සිටින ලෙස මුම්බායි පොලිසිය විසින් නොතීසි නිකුත් කරනු ලැබ ඇත.

අයි. පී. එල්. තරගාවලියේ ඔට්ටු දැමීම සම්බන්ධයෙන් ගුරුනාත් මෙයියප්පන්ගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිත අතර ලබන සඳුදා දක්වා තමන්ට කාලය දෙන ලෙස ගුරුනාත් මෙයියප්පන් මුම්බායි පොලිසියෙන් ඉල්ලීමක් කර ඇතත් මුම්බායි පොලිසිය එම ඉල්ලීමට එකග වී නැතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කරයි.

සිකුරාදා (ඊයේ) පස්වරු 5.00 ට පෙර මුම්බායි පොලිසියේදී පොලිස් නිලධාරීන් හමුවිය යුතු බව මෙයියප්පන්ට දැනුම් දී තිබේ.
ඔට්ටු දැමීම සම්බන්ධයෙන් මෙයියප්පන්ගෙන් ප‍්‍රශ්න කිරීම අයි. පී. එල්. තරගාවලියේ කීර්තිනාමයට මෙන්ම ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයට පවා බෙහෙවින් හානිකර තත්ත්වයක් වියහැකිබව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

මෙයියප්පන් යනු ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිවරයා වන එන්. ශී‍්‍රනිවාසන් මහතාගේ බෑණනුවන්ය. ශී‍්‍රනිවාසන් මහතාට අයත් ඉන්දියා සිමෙන්ති සමාගම චෙන්නායි සුපර් කිංග්ස් සමාගමේ හිමිකරුවාද වෙයි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සම්බන්ධයෙන් මෙයියප්පන්ගේ භූමිකාව මේ දක්වා පැහැදිළි නැතත් වාර්තා වන ආකාරයට ඔහු කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස සැලකේ. සෑම තරගයකදීම කණ්ඩායමේ වැදගත්ම පුද්ගලයන් සිටින ආවරණය කරන ලද කුටියේ නිත්‍ය සාමාජිකයකු වූ මෙයියප්පන්, කී‍්‍රඩක වෙන්දේසියේදීද කැපී පෙනුණු චරිතයක් විය.

මේ වන විටත් අත්අඩංගුවට ගෙන සිටින බොලිවුඞ් නළුවක වන වින්දු ධාරා සිං සහ ගුරුනාත් මෙයියප්පන් ඉතා සමීප මිතුරන් ලෙස සැලකේ.

මුම්බායි පොලිසියේ පෙනී සිටින ලෙස මෙයියප්පන්ට යවන ලද නොතිසිය, පසුගිය බ‍්‍රහස්පතින්දා ඔහුගේ චෙන්නායි නිවසට ෆැක්ස් මගින් යවා ඇති අතර චෙන්නායි සුපර් කිංග්ස් කාර්යාලයේ කළමණාකරුවකු විසින් එය බාරගනු ලැබ ඇත.

”ප‍්‍රශ්න කිරීම් වලදී වින්දු ධාරා සිං විසින් ප‍්‍රකශ කරන ලද යම් යම් කරුණු සම්බන්ධයෙන් අපට පැහැදිළි කිරීමක්  ඕනෑ කර තිබෙනවා” යයි මුම්බායි පොලිස් කොමසාරිස්වරයකු වන හිමාන්ෂු රෝයි මහතා ප‍්‍රකාශ කර තිබේ.

”ධාරා සිංගේ ඇතැම් ප‍්‍රකාශ වල සත්‍යතාව පරීක්‍ෂා  කිරීමට නම් ඇතැම් විට මේ දෙදෙනා හගිස්සවන්නට සිදුවෙන්න පුළුවන්. ඒත් ධාරා සිං සහ මෙයියප්පන් දෙදෙනා සාමාන්‍ය වශයෙන් සමාජයේදී මුණ ගැසුණ අය නම් අප මේ සඳහා මෙයියප්පන්ට නොතීසි නිකුත් නොකරන්නට තිබුණා” යයිද හිමාන්ෂු රෝයි මහතා වැඩිදුරටත් පවසා තිබිණ.

මේ සම්බන්ධයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කාර්යාලයෙන් හෝ අයිතිකරුවන්ගෙන් කිසිදු ප‍්‍රකාශයක් නිකුත් කර නොතිබිණ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කර ඇති අයි. පී, එල්. තරගාවලියේ සභාපති රජිව් ශුක්ලා මහතා පවසන්නේ මෙම කාරණා සම්බන්ධයෙන් මුම්බායි සහ නවදිල්ලි පොලිස් නිලධාරීන්ට සියලූ බලතල ඇති බවත් පූර්ව නිගමනයන්ට එළඹෙන්නේ නැතිව, පරීක්‍ෂණ අවසන් වන තුරු බලා සිටිය යුතු බවත්ය.

මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ බිරිඳ සහ බොලිවුඞ් නළු වින්දු දාරා සිං එක්ව අයි. පී, එල් තරග නරඹන ඡයාරූප කිහිපයක්ද මේ වන විට ඉන්දීය පොලිසිය සතුව පවතී.

කි‍්‍රකට් කී‍්‍රඩකයන් සම්බන්ධයෙන් කරනු ලබන පරීක්‍ෂණ කටයුතු දින 15 ක් ඇතුළත අවසන් කරන මෙන් ඉන්දීය අධිකරණය ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයට දන්වා තිබේ. ඒ සඳහා සහයෝගය ලබාගැනීමේ අදහසින් යුතුව ඉන්දීය කි‍්‍රකට් පාලක මණඩලයේ සාමාන්‍යාධිකාරී මහාචර්ය රත්නකාර් ෂෙට්ටි මහතා මුම්බායි පොලිස් කොමසාරිස් හිමාන්ෂු රෝයි මහතා හමුවූ බවද පී. ටී. අයි. පුවත් සේවය වාර්තා කරයි.

 



අදහස් (0)

චෙන්නායි සුපර් කිංග්ස් ලොක්කාට මුම්බායි පොලිසියට එන්න කියයි

ලලිත් Friday, 24 May 2013 11:38 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවාලු. අපේ අයට ඊළඟ සැරේ නෝ චාන්ස්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site