IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චෙන්නායි - මුම්බායි - රාජස්ථාන් අවසන් සිවුදෙනා අතරට පැමිණෙති

ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 64 වැනි තරගය අවසන් වන විට චෙන්නායි සුපර් කිංග්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩයම් අවසන් වටයේ කණ්ඩායම් හතරට සුදුසුකම් ලැබීමට සමත්ව සිටියහ.

චෙන්නායි පිල මේ වන විට තරග 15 කට සහභාගි වී ප‍්‍රසාද ලකුණු 22 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණේ පසු වෙයි. මුම්බායි පිල සහ රාජස්ථාන් පිල තරග 14 කට සහභාගි වී ප‍්‍රසාද ලකුණු 20 බැගින් ලබා ශූද්ධ ලකුණු වේගය අනුව දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසු වෙති.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල තරග 15 කදී ප‍්‍රසාද ලකුණු 16 ක් ලබා සිවුවැනි ස්ථානයේ පසු වන අතර සන්රයිසස් හයිද්‍රාබාද් පිල තරග 14 කදී ප‍්‍රසාද ලකුණු 16 ක් ලබා ශූද්ධ ලකුණු වේගය අනුව පස්වැනි ස්ථානයේ රැදී සිටියි.

බැංගලෝර් පිල අවසන් සිවුදෙනා අතරට පැමිණීමට නම් චෙන්නායි පිලට එරෙහිව මේ මස 18 වැනිදා පැවැත්වෙන තරගය ජය ලැබීම අනිවාර්ය වීමේ තත්ත්වයකට පත්ව තිබේ. ඉතිරිව තිබෙන තරග දෙකම ජය ලැබුහොත් අවසන් සිවුදෙනා අතරට පැමිනීමේ අවස්ථාව හයිද්‍රාබාද් පිල සතුවෙයි.

ලීග් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙක අතර තරගය මැයි මස 21 වැනිදා පැවැත්වෙන අතර එම තරගයෙන් ජයග‍්‍රහණය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි. ලීග් තරගාවලියේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන අතර තරගය මැයි මස 22 වැනිදා පැවැත්වීමට නියමිතය.

තෙවැනි සහ සිවුවැනි ස්ථාන අතර තරගයෙන් ජය ලබන කණ්ඩායම සහ පළමු සහ දෙවැනි ස්ථාන අතර තරගයෙන් පරාජයට පත්වූ කණ්ඩායම අතර මැයි මස 24 වැනිදා කොල්කටාහිදී තරගයක් පැවැත්වෙයි. එම තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.

තරග 76 කින් යුත් මෙවර තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 26 වැනිදා කොල්කටාහිදී පැවැත්වේ.

(●●)

 



අදහස් (0)

චෙන්නායි - මුම්බායි - රාජස්ථාන් අවසන් සිවුදෙනා අතරට පැමිණෙති

පාරු Thursday, 16 May 2013 09:49 AM

අපොයි චන්දේ කාලෙට සල්ලිවලට මනාප දෙන්නේ මහේලලා සංඟලා වෙන්න ඇති.(නදී)

:       0       0

කුමා Wednesday, 15 May 2013 09:54 PM

අපේ අය පෙන්නුවා ඒගොල්ලෝ ඉන්දියාවේ ප්‍රාන්ත ටීම් වලටත් සුදුසු නැහැ කියලා. ලැජ්ජාවේ බැහැ. සල්ලි තණ්හාවට ගියාට (නි)

:       0       0

අමිල Wednesday, 15 May 2013 11:16 PM

අහෝ මහේල නොදිටි මොක්පුර! (නි)

:       0       0

බුද්ධික Wednesday, 15 May 2013 06:42 PM

අහෝ සංගා,මහේල ,මැතිව්ස්, මොකද වුණේ? (නි)

:       0       0

නිමල් පෙරේරා Thursday, 16 May 2013 08:21 AM

මුදලට ගිජු වුනාම ඔහොම තමා. ගණන් ගන්න එපා හොඳේ . (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site