ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 54 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (08 වැනිදා) පැවැති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල ලකුණු 77 කින් සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරාජය කරමින් 10 වැනි ජය ලැබීමට සමත් විය.
හයිද්‍රාබාද් පිලේ නායක කුමාර් සංගක්කාර නැවතත් අසාර්ථක වෙමින් පන්දු 9 කදී ලකුණු 3 කට දැවී ගියේය.
හයිද්‍රාබාද් පිල නියෝජනය කරන තිසර පෙරේරා පන්දු 13 කදී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 23 ක් රැස් කිරීමට සමත් විය. තිසර යැවූ ඕවර හතරේදී ලකුණු 45 ක් ලබාදෙමින් කඩුලූ 3 ක් දවාගත්තේය.
සුරේෂ් රයිනා පන්දු 52 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 99 ක් රැස්කිරීමට සමත් විය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 223 (මයික් හසී 67, මුරලි විජේ 29, සුරේෂ් රයිනා නොදැවී 99, රවින්ද්‍ර ජඬේජා නොදැවී 14, තිසර පෙරේරා 45/3)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 146 (පර්තිව් පටෙල් 44, තිසර පෙරේරා 23, කරන් ශර්මා නොදැවී 39, ඬේන් ස්ටෙයින් 14, මොහිට් ශර්මා 28/2)
2025 දෙසැම්බර් මස 18
104
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චෙන්නායි පිල 10 වැනි ජය ලබයි
යොහාන් Thursday, 09 May 2013 07:27 AM
අපි මේ කට්ටියද චැම්පියන් කුසලානට යවන්නේ? (නි)
සමීර සාලින්ද Thursday, 09 May 2013 09:41 AM
මොකද ප්‍රශ්නයක්ද ? (ස)
රෂීඩ් Thursday, 09 May 2013 03:10 PM
සූරයන්ගේ කුසලානය මේ සැරේ අපේ සිංහයන්ටයි යොහාන්. (ස)
කපිල Thursday, 09 May 2013 03:14 PM
ප්‍රශ්නයක් නැහැ සමීර, ලංකාවේ ක්‍රිකට් වලදායි කියන එකටයි මට බය. අපරාදේ අර්ජුන , අරවින්දලාගේ මහන්සිය (නි)