මුරලි විජේගේ විශිෂ්ට ඉනිම නිසා චෙන්නායිහි (25) පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ අවසන් සුදුසුකම් ලැබීමේ තරගයෙදී චෙන්නායි සුපර් කිංග්ස් පිල ලකුණු 86 කින් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් පිල අතර අවසන් මහා තරගය හෙට (27) චෙන්නායි හිදි පැවැත් වේ.
පන්දු 58 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 4 ක් සමගින් වේගවත් ලකුණු 113 රැස් කිරිමට මුරලි විජේ සමත් වු අතර ඔහු තරගයේ වීරයා සම්මානයද දීනා ගත්තේය. මෙම තරගයේදී දිල්ලි පිලේ ප‍්‍රධාන පන්දු යවන්නා වු මොන් මෝකල් ක‍්‍රීඩා නොකළ අතර ඔහු මෙවර අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියාද විය.
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 55 ක් ලබා ගැනිමට සමත් විය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 222 (මුරලි විජේ 113, මයිකල් හසී 20, මහේන්ද්‍ර සිං දෝනි 23, ඞ්වේන් බ‍්‍රාවෝ නොදැවි 33)
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් ඕවර 16.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 136 (මහේල ජයවර්ධන 55, රවිචන්ද්‍ර අශ්වින් 24/4, ඇල්බි මෝකල් 28/1)
2025 දෙසැම්බර් මස 18
260
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චෙන්නායි පිල අවසන් මහා තරගයට
නිශාන්ත Saturday, 26 May 2012 07:49 AM
මැච් එක fix කළාද දන්නේ නෑ
අශේන් Saturday, 26 May 2012 08:01 AM
ඕව බන් සල්ලි වලට වෙන වැඩනේ බන්