අයි. පී. එල්. තරගාවලියේ 34 වැනි තරගය ලෙස සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අද (25 වැනිදා) පැවති තරගයේදී සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල පරදවා කඩුලු 5 ක ජයක් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.
තරගයේ වීරයා ලෙස සම්මාන දිනූ මහේන්ද්‍ර සිං දෝනි චෙන්නායි සුපර් කිංග්ස් පිල වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කරමින් පන්දු 37 කදී ලකුණු 67 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් ද සමගිනි.
නොදැවී ලකුණු 44 ක් ලබා සිටි සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිලේ ශිකාර් ධවාන්ට 13 වැනි ඕවරයේදී ඞ්වේන් බ‍්‍රාවෝ යැවූ පන්දුවක් වැදීම හේතුවෙන් තාවකාලිකව පිටියෙන් ඉවත්වීමට සිදුවූ නමුත් ඩැරන් සැමීගේ දැවීයාමත් සමග නැවති පිටියට පැමිණි ඔහු තම ලකුණු ප‍්‍රමාණය 63 ක් දකවා ඉහළ දමාගැනීමට සමත්විය. පන්දු 45 කින් රැුස්වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත්විය.
මෙම තරගයටද සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිලේ නිත්‍ය නායක කුමාර් සංගක්කාර සහභාගී නොවීය.
සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 6 කට ලකුණු 159
(ශිකාර් ධවාන් නොදැවී 63, අමීත් මිශ්රා 15, තලෙයිවන් සර්ගුණම් 10, ඩැරන් සැමී 19, අශීෂ් රෙඞ්ඩි 36, මෝහිත් ශර්මා 33/2, ඞ්වේන් බ‍්‍රාවෝ 37/2)
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 19.4 කදී කඩුලූ 5 කට 160
(මයිකල් හසී 45, මුරලි විජේ 18, සුරේෂ් රයිනා 18, මහේන්ද්‍රසිං දෝනි නොදැවී 67, අමීත් මිශ්රා 26/2)
(**)
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චෙන්නායි පිලට කඩුලු 5 ක පහසු ජයක්
වරුණ Friday, 26 April 2013 07:56 AM
ඔයිට වැඩ නරකද ආත්ම ගරුත්වය තියාගෙන නොගිහින් හිටියා නම් ? (නි)
yohan Friday, 26 April 2013 09:00 AM
සංඟා කියලා තිබුනේ තමිල් නාඩුව ඉන්දීය එක ප්‍රාන්තයක් විතරයි. අනිත් ප්‍රාන්තවල හොඳ පිලිගැනිමක් තියනවා කියලා. දැන් දැන් හයිද්‍රබාඩ් වල හොඳ පිලි ගැනීමක් තියන හින්ද වෙන්ඩ ඇති සංඟා හිටිය හෝටලය ළඟ පෙළපාලි ගියේ.(නදී)
සමීර සාලින්ද Friday, 26 April 2013 03:54 PM
දැන් මාසයක් තිස්සෙ අහන්න ලැබුනු දේවලින් මෙයාලව එපා වෙනවා (නි)