IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


චන්ද්‍රපාල - චන්ද්‍රසේන රන්පදක්කම් දිනති

තායිලන්තයේ ”කොන්කේන්” නගරයේදී පැවති 18 වැනි ආසියාතික ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කළ අනුරාධපුරයේ පළපුරුදු කී‍්‍රඩකයෝ දෙදෙනෙක් තරග ඉසව් දෙකකින් රන් පදක්කම් දිනා ගැනීමට සමත්වූහ.

ඒ රිටි පැනීමේ ඉසව්වෙන් ප‍්‍රථම ස්ථනය දිනාගත් එන්.ඩබ්ලිව්.ඒ. චන්ද්‍රපාල ද සිල්වා සහ මීටර් 5000 ඇවිදීමේ තරගයෙන් ප‍්‍රථම ස්ථානය හිමි කර ගත් කේ. චන්ද්‍රසේනයි.
රිටි පැනීමෙන් රන් පදක්කම දිනා ගත් චන්ද්‍රපාල ද සිලිවා අවුරුදු 60-64 අතර වයස් කාණ්ඩය නියෝජනය කළේය. ඔහු මීට පෙර ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රවීණයන්ගේ කී‍්‍රඩා තරගාවලි කිහිපයකටම ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සහභාගි වී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා තිබේ. මෙවර ඔහු රන් පදක්කම් දිනා ගනු ලැබුවේ රටවල් 24කින් සහභාගි වූ ප‍්‍රවීණ කි‍්‍රඩකයන් පරාජයට පත් කරමිනි.

වයස 45-49 වයස් කාණ්ඩය නියෝජනය කරමින් මෙවර 18 වැනි ආසියාතික ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා උළෙලේ මීටර 5000 ඇවිදීමේ තරග ඉසව්වෙන් ප‍්‍රථම ස්ථානය හිමිකර ගෙන රන් පදක්කම් දිනාගත් කේ චන්ද්‍රසේන ප‍්‍රවීණයන්ගේ ජාත්‍යනතර මට්ටමේ මලල කී‍්‍රඩා තරගාවලියකට මෙවර සහභාගි වූයේ පළමු වතාවටය. පළමු වතාවේම ඔහු රන් පදක්මක් දිනා ගැනීමට සමත්වීම කැපී පෙනේ.

ලබන වසරේ ජනවාරි මාසයේ ජපානයේදී පැවැත්වීමට නියමිත 19 වැනි ආසියාතික ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටිති.



අදහස් (0)

චන්ද්‍රපාල - චන්ද්‍රසේන රන්පදක්කම් දිනති

කුමාර් Tuesday, 09 April 2013 04:46 PM

60 පිරුණත් වඳුරා බිම නොයයි. (ස)

:       0       0

ප්‍රියා Tuesday, 09 April 2013 11:42 AM

නියම මිනිස්සු මෙන්න... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site