
(යොහාන් භාසුර)
බංග්ලාදේශයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරඟයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ ජේෂ්ඨතම පිතිකරුවෙකු වන දිනේෂ් චන්දිමාල් තරඟයෙන් ඉවත්ව නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
චන්දිමාල්ගේ පවුලේ සාමාජිකයෙකු හදිසි වෛද්‍ය අවශ්‍යතාවයක් හේතුවෙන් ඔහුට තරඟයෙන් ඉවත්වීමට අනුමැතිය දුන් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
දිනේෂ් චන්දිමාල් මෙම තරඟයේ පළමු ඉනිමේදී අර්ධ ශතකයක්ද රැස් කිරීමට සමත් විය.
COMMENTS
ඇයි මේ අයගේ ඇඳුමේ "dialog" කියලා ගහල තියෙන්නේ. ශ්‍රීලංකා, sri lanka කියලා ගැහුවම හරිනේ. වෙළෙන්දෝ හැම තැනම ආක්‍රමනය කරලා නේද. මුදල් ලැබෙනවානම් ජාතික කොඩියෙත් වෙළඳ සටහන් තබයි ඉදිරියේදී. ජාතික ක්‍රීඩකයෝ නිසා මේවගේ වැඩ වලදී දෙපාරක් හිතන්න ඕනේ. කාගෙවත් පුද්ගලික දෙයක් නෙමෙයි නේ මේ ජාතික, ලංකාවම නියෝජනය කරන ක්‍රීඩකයෝ නිසා.
මේක අනුග්‍රහක මෝඩයාට
Dialog සමාගමෙන් සල්ලි දෙන නිසානෙ Dialog නම ප්‍රදර්ශනය කරන්නේ .වෙළෙඳ දැන්වීම් වලින් සල්ලි ලබා ගෙන ක්‍රිඩා පවත්වා ගෙන යන බව දන්නේ නැද්ද ?
Dialog සමාගමෙන් සල්ලි දෙන නිසානෙ ඇදුමේ Dialog කියා ප්‍රදර්ශනය කරන්නේ . ක්‍රිඩා පවත්වා ගෙන යෑම සදහා වෙළෙඳ දැන්වීම් මත යැපෙන බව දන්නේ නැද්ද ?