IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘‘චන්දන + නාද්රෝ’’ එකතුවෙන් අපූරු ප‍්‍රසංගයක්

1

 

චන්දන වික‍්‍රමසිංහ යනු නර්තනයෙන් හැඩය, පැහැය, රසය, ගුණය සමඟ රසාලිප්ත නර්තන රිද්මයක් නැටුමට එක් කළ ශිල්පියෙකි. රඛිත යනු බෙර පදයේ, අතීත තාලය රැගෙන නවීකරණය වූ සංගීත ශිල්පියෙකි. මේ අපූරු නර්තනවේදියා සහ තාරුණ්‍යයේ සංගීත ශිල්පියාගේ කණ්ඩායම් ද්විත්වයේ මුසුවෙන්, රසාලිප්ත ප‍්‍රසංගයක් ඉදිරිපත් කිරීමට සියල්ල සූදානම් කොට තිබේ. චන්දන වික‍්‍රමසිංහ රංගායතනය සහ රඛිත ප‍්‍රමුඛ නාද්රෝ සංගීත කණ්ඩායම එක්ව කරන්නට හදන මේ ප‍්‍රසංගය කුමක්ද? චන්දන සහ නාද්රෝ කණ්ඩායමේ රඛිතගෙන් ඒ ගැන විමසමු.

 

 

jfjfj
චන්දන ඇයි ඔබට නාද්රෝ කණ්ඩායම එක්ක එකතු වෙන්න හිතුණේ?
හරි දේ හරි විදියට කළ යුතු නිසා.

 


ඇයි බොහෝ දේ සිද්ධ වෙන්නෙ වැරදි විදියට ද?
ශබ්දයට සහ චලනයට තැන දුන් බොහෝ පිරිස් සිටිනවා. නමුත් හරි දේ හරි විදියට සිද්ධ වෙන්නෙ නැහැ. විශේෂයෙන්ම නර්තනයේ යෙදෙන අයට හරි අධ්‍යාපනයක් නැති බව පෙනෙනවා. මම නර්තනයට ප‍්‍රවේශ වුණේ ආර්ථික වාසි, වාණිජ පරමාර්ථ ඇතිව නෙවෙයි. අපි මොකක්ද කරන නිර්මාණය කියන එක ගැනයි හිතුවේ. චන්න විජේවර්ධන සර් සහ ඊට පෙර අපේ නැටුමට අපූරු හරයක්, විනයක් ගෞරවයක් ගෙනා චරිත සිටිනවා. අපට ඒ අයගෙන් උගත හැකි දේ බොහෝයි. ඒත් කණ්ඩායමක් හදාගෙන නැටුමට එන බොහෝ දෙනා වෙතින් ඒ ඉගෙනීම දකින්න නැහැ.

 


ඔබ කියන විදියට මොකක්ද මේ හරි දේ?
නර්තනය අංශයෙන් තාලය හරහා රස උපදවන්න පුළුවනි. ගීතයකට නර්නය කළත් කළ යුත්තේ ගීතයට හානි නොවන පරිදි. ඒ රසය උපදවා ගැනීමයි. තාලයට ගැලපෙන අයුරින් අපට ඒ තාලය මැවිය හැකියි. කාලයට, දේශයට, රසයට උචිත පරිදි කිරීම තමයි අපේ අරමුණ. පටන් ගැනීමේදී අපි වුණත් එතැන නොසිටින්නට ඇති. නමුත් අපි බොහෝ දේ උගත්තා.


අදටත් උගෙන ගනිමින් එය හදාරණවා. අපට අද අන්තර්ජාතිකව පේ‍්‍රක්ෂකාගාරයක් හැදිලා තියෙන්නෙ. ඒ හැදුණු පේ‍්‍රක්ෂකාගාරයට ශ්‍රී ලංකාවේ ගෞරවය අපි දෙන්න  ඕනෑ.

 


රඛිත, බෙර වාදන අංශයෙන් ඔබ එක්ක කතා කළොත්, නාද්රෝ කණ්ඩායම එය හරියට කරනවා කියලා හිතනවද?
අපේ වෘත්තිය මෙය නිසා අපි වාණිජමය අවස්ථා සහ එවැනි දේ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. නමුත් මොනවා හරි බෙර ටිකක් හොයාගෙන වේදිකාව උඩට ඇවිල්ලා ගහන එක නෙවෙයි. එහි තාක්ෂණය, රසය, ක‍්‍රමය, රිද්මය ඔය සියල්ල ගැන අධ්‍යයනය කරමින් තමයි අපි යමක් කරන්නේ. පේ‍්‍රක්ෂකයින්ට හිතන්න පුළුවන් දේ තිබෙනවා. විෂයයන් එක්ක ගැඹුරින් දුටු දේ ඔවුනට විඳිය හැකි රසයකින් ඉදිරිපත් කිරීම අපේ අරමුණයි. අපේ පියසාර ශිල්පාධිපති, රවිබන්ධු විද්‍යාපති වැනි සර්ලා ලෝකෙට එලෙසින් යමක් ඔප්පු කරලා පෙන්නුවා. අපි ඒ ප‍්‍රවීණයින්ගෙන් ලද ගුරුහරුකම් සහ දැනුම වෙතින් උගත් දේ බොහෝයි. මේ චන්දන වික‍්‍රමසිංහ අයියා එක්ක එකතු වෙලා කරන ප‍්‍රසංගය ඉදිරිපත් කිරීමේ දී අපට ඒ සර්ලාගෙන් ගත් දැනුම වඩා ඉවහල් වුණා.

 


චන්දන, රඛිතලා එක්ක එකතු වෙලාම ඔබට මේ වගේ ප‍්‍රසංගයක් කරන්න හිතුණේ ඇයි?
තුන්වැනි පරම්පරාව හැටියට අර මුලින් කිව්වා වගේ හරි දේ, හරි රසය වගේම හරි ක‍්‍රමය ගැන අපි හිතන්න  ඕනෑ. උදාහරණයකට අපි ගරා යකා සංකල්පය ගනිමු. අපි යොදා ගත් සංකල්පය රිද්මය අනුව අපට රස සංකල්පයක් මවන්න පුළුවනි. මා සහ මගේ කලායතනයේ සිටින බොහෝ දක්ෂ සිසුන් අතරින් අති දක්ෂ 8 දෙනෙක් නර්තන වින්‍යාශයට එක්වෙනවා. රඛිත එයාගෙ දක්ෂ කණ්ඩායම එක්ක ප‍්‍රවේශ වෙනවා.

 


ඒ කියන්නෙ රඛිතලාගෙ බෙර පදයට ඔබලා නටනවද?
අපි යම් යම් අවස්ථාවලදී ප‍්‍රාසාංගිකව ගමන් කරද්දී නිරන්තරයෙන් දායකත්වය ලබාදී තිබෙනවා. ඒ වගේ අවස්ථාවලදී බොහෝදෙනා අපෙන් නිතර විමසූ දෙයක් තිබුණා. ඇයි ඔය දෙගොල්ල එකතු වෙලා එකට යමක් කරන්නෙ නැත්තෙ කියන එක ගැන. ඇත්තටම අපි දෙගොල්ලට-දෙගොල්ල ගෞරව කරනවා. ඒ හැරත් අපේ පරම්පරාවේ නර්තන සහ මේ වගේ වාද්‍ය කණ්ඩායමක් හැටියට අපට ජාත්‍යන්තරව වුණත් ලැබෙන්නෙ ඉතා හොඳ අවස්ථා. බය නැතුව අපට ජාත්‍යන්තරය අප ගැන විශ්වාසයක් තබා තිබෙනවා. ඒ නිසා එය තවදුරටත් යථාර්ථයක් කිරීමට මේ හොඳම අවස්ථාවක්.

 


මොකක්ද මේ ”චන්දන ඇන්ඞ් නාද්රෝ ලයිව් ඉන් කොන්සර්ට්” ප‍්‍රසංගයේ වෙනස?
මේ වගේ ප‍්‍රසංගයක් ගැන කියූ විගස බොහෝ දෙනා හිතන්නේ මෙය පැය තුන හතරක ප‍්‍රසංගයක් වේවි සහ එහෙම විය යුතුයි කියලයි. නමුත් මේ සිතිවිල්ලම වැරදියි. වඩා නිර්මාණාත්මක ප‍්‍රසංගයක් දීර්ඝව ගලා යන්නෙ නැහැ. අයියෝ මේක දිග වැඩියි කියලා කියනවාට වඩා ෂාහ් තවත් අහන්න තිබුණා නම්! කියා කුතුහලය ඇතිව උපරිම රසයකින් ප‍්‍රසංගය ඉදිරිපත් කිරීම අපේ අරමුණයි. ඒ වෙනස බලන්න විඳින්න මාර්තු 27 සවස 7ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයට එන්න කියලා අපි ආරාධනා කරනවා.

sadun-gamage

 



අදහස් (0)

‘‘චන්දන + නාද්රෝ’’ එකතුවෙන් අපූරු ප‍්‍රසංගයක්

බන්දුල Sunday, 22 March 2015 05:31 AM

සුභ පැතුම් (දිල්)

:       0       0

තුසිත Friday, 20 March 2015 04:24 AM

දුරකතන අංකය දාන්න(දිල්)

:       0       0

අනුර-නාවලපිටිය Thursday, 02 April 2015 08:50 AM

බොහොම හොඳ වැඩක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 840 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site