IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


චින්තක පන්දු 55 කදී ශතකයක් රැස්කරමින් පළමු පෙළ ක‍්‍රිකට් නව වාර්තාවක් පිහිටුවයි

චින්තක ජයසිංහ පන්දු 55 කදී ශතකයක් රැස්කරමින් ශ්‍රී ලංකා අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට ඊයේ (19) සමත් විය. බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී කෝල්ට්ස් පිලට එරෙහිව පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ ඊයේ බ්ලූම්ෆීල්ඞ් පළමු ඉනිමේදී චින්තක ජයසිංහ පන්දු 95 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 10 ක් සමගින් ලකුණු 131 ක් රැස් කළේය. පානදුර ක‍්‍රීඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කළ සරත් ජයවර්ධන 2002 වසරේ පෙබරවාරි මස මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී (ටිරෝන් ප‍්‍රනාන්දු ක‍්‍රීඩාංගණය) එන්. සී. සී. පිලට එරෙහිව පන්දු 57 කදී ශතකයක් රැස්කරමින් පැරණි වාර්තාවට හිමිකම් කීය. සරත් ජයවර්ධන මහතා මේ වන විට මැලේසියාවේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා අන්තර් සමාජ මට්ටමේ ප‍්‍රවේගකාරී පිතිකරුවකු මෙන්ම තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන දකුණතින් පිත්ත හසුරුවන චින්තක මේ වන විට පළමු පෙළ තරග 134 කදී ලකුණු 5,808 ක් රැස්කර තිබේ. දකුණතින් මද වේග පන්දු යවන චින්තක එහිදී කඩුලූ 104 ක් ද දවාගෙන තිබේ. 33 හැවිරිදි චින්තක පන්නිපිටිය ධර්මපාල විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ශ්‍රී ලංකා විස්සයි-20 පිල ද නියෝජනය කළ චින්තක ජයසිංහගෙන් මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසුවේ තමන් වාර්තාවක් පිළිබඳව අවබෝධයෙන් නොසිටි බවත් කණ්ඩායමේ අවශ්‍යතාව මත වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ බවත්ය. ‘‘මම කොහොමත් වේගයෙන් පන්දුවට පහර දෙන්න කැමතියි, සුපුරුදු ලෙස මම පන්දුවට පහර දුන්නා, පස්සේ තමයි දැනගත්තේ එය වාර්තාවක් කියලා’’ යැයි ජයසිංහ වැඩි දුරටත් පැවසීය. ලකුණු පුවරුව: කෝල්ට්ස් පිල පළමු ඉනිම 266 (මලින්ද වර්ණපුර 23, රොෂේන් සිල්වා 105, ඩිල්රුවන් පෙරේරා 20, චතුර පීරිස් 22, ඉෂාන් ජයරත්න නොදැවී 53, තරංග ලක්‍ෂිත 65/2, විශ්ව ප‍්‍රනාන්දු 52/2, සුරාජ් රන්දීව් 70/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 210 (මලින්ද වර්ණපුර 52, ශිහාන් කමලීන් 20, කුසල් ජනිත් 67,ඩිල්රුවන් පෙරේරා නොදැවී 17, අක්ෂු ප‍්‍රනාන්දු නොදැවී 21, සුරාජ් රන්දීව් 57/2, උපුල් ඉන්ද්‍රසිරි 57/3) බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම 239 (ප‍්‍රසන්න ජයවර්ධන 21, චාමර සිල්වා 29, චින්තක ජයසිංහ 131, චතුර පීරිස් 46/2, සජීව වීරකෝන් 58/4)



අදහස් (0)

චින්තක පන්දු 55 කදී ශතකයක් රැස්කරමින් පළමු පෙළ ක‍්‍රිකට් නව වාර්තාවක් පිහිටුවයි

රොෂාන් Friday, 20 January 2012 01:50 PM

දැන්වත් මෙහෙම අයව දකුණු අප්‍රිකාවට යව්වනම් නරකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site