IMG-LOGO

චංගුමී පොතට වාරණයක්

රූපවාහිනියේ විකාශනය වූ චංගුමී (සුජාතා දියණිය) නාට්‍ය අළලා දෙහිවල කළුබෝවිල විදර්ශණ පබිලිෂර්ස් හි ජානක ඉනිමංකඩ විසින් ලියන ලද පොතේ අලෙවිය නතර කරන ලෙස කොළඹ වාණිජ මහා අධිකරණය අද අතුරු වාරණයක් නිකුත් කළේය.

දකුණු කොරියා ලේඛිකාවක වන යොන් හුං ලි විසින් රචිත නාට්‍යයේ විකාශන අයිතිය තමන් සතු බවත් එය බාහිර පාර්ශවයකට එහි කිසිම අයිතියක් නැති බවත් බුද්ධිමය දේපළ  පනත යටතේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රුපියල් කෝටි පහක වන්දියක් ඉල්ලමින්  මෙම නඩුව පවරා ඇත.

විනිසුරු ඊ.ඒ.ජී.ආර් අමරසේකර මහතා  මාර්තු 13 වැනි දාට නඩුව කල් තැඹිය.



අදහස් (0)

චංගුමී පොතට වාරණයක්

සුනිල් Thursday, 28 February 2013 07:54 AM

ලංකාවේ මොනවද හොරකම් නොකරන්නේ.(නදී)

:       0       0

සංජු Thursday, 28 February 2013 02:31 PM

ඇත්තටම මේක බලපු අයට පොඩි හරි මොළයක් කියලා දෙයක් තිබුනෙම නැද්ද? ඔය කියන රටේ එහෙම අය නොහිටියා කියලා පොඩි අයට කියලා දෙන්න වගේම බලපු අයට මොළයක් කියලා දෙයක් තිබුනෙම නැද්ද හැබෑටම? අනේ මෙහෙව් රටක බලපු අය ගැන මොනව හිතන්නද? (නි)

:       0       0

රුවන් Wednesday, 27 February 2013 07:09 PM

අපේ මිනිස්සුන්ට කොහේවත් ඉන්න චන්ගුමීල ලොකු උනේ අපේ ටෙලි නාට්‍ය වලින් ගන්න දෙයක් නැති හින්දනෙ.(නදී)

:       0       0

කල්ප Wednesday, 27 February 2013 07:30 PM

මම හිතන්නේ යොහාන් හරි කියලයි.(නදී)

:       0       0

නිහාල් Wednesday, 27 February 2013 09:24 PM

අපේ අයට මොන දේ කරලා හරි සල්ලි හම්බකරගන්න පුලුවන් නම් කමක් නැහැ. (නි)

:       0       0

ජයන්ත Wednesday, 27 February 2013 03:26 PM

බුද්ධිමය දේපල හොරු..(ස)

:       0       0

වරුණ Wednesday, 27 February 2013 03:31 PM

කොහේවත් රටක ඉන්න කාන්තාවකට අපේ අය මරාගන්නවා. ගියාපල්ලකෝ අපේ රටේ කෙනෙක් ගැන. (නි)

:       0       0

ඉෂාන්ත Thursday, 28 February 2013 11:54 AM

දැන් ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය නව වෙනසක්. එකම ආරක ටෙලි නාට්‍ය වලින් ඔවුන් හෙම්බත් වෙලා. (නි)

:       0       0

යොහාන් Wednesday, 27 February 2013 04:14 PM

විකාශන අයිතිය තිබුණත් ප්‍රකාශන අයිතියක් නැහැනේ. නේද? (නි)

:       0       0

මේරි Wednesday, 27 February 2013 04:56 PM

පොතක් ප්‍රකාශ කළහම අර මුලින් ලැබුණු යහපත් ප්‍රතිචාර පළුදු වෙනවා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 28 February 2013 06:57 AM

අපේ අය පිටරට වලින් එන ඕනෑම වසංගතයක් පැනලා භාරගන්නවනේ. (නි)

:       0       0

පිටිගල-මිලානෝ Wednesday, 27 February 2013 05:15 PM

ලංකාවේ පුදුම ටෙලි නාට්‍ය පිස්සෝ තොගයක් ඉන්නේ. ඒ අයට ලෝකේ පෙරලුනත් ප්‍රශ්ණයක් නැහැ.(නදී)

:       0       0

දේශාන් Wednesday, 27 February 2013 05:21 PM

ප්‍රකාශක අයිතීන් උල්ලංඝනය කිරීම බරපතල වරදක්. ශ්‍රී ලංකාවේ ප්‍රකාශන අයිතීන් ලියාපදංචි කිරීමේ නීතීන් වහා ඇති කළ යුතුයි.(නදී)

:       0       0

රඹුකේවෙල ආනන්ද හිමි Thursday, 28 February 2013 07:38 AM

අපේ රටේ ටෙලි නාට්‍ය ගොඩක්ම ඒවා එකම සන්දර්භයක් තුළ දිවෙන්නෙ.ආදරයේ ,දුකේ,වෛරයේ අන්තයටම ගෙන ගොස් සහෘද මනස ලෙඩ කරවනවා.මානසික උද්වීපනය තුළින් ජීවිතය ජයගන්න ධනාත්මක ආදර්ශ ලබා දෙන සේ නිර්මාණයන් සිදු වෙනවා නම් චංගුමීට වගේම ආකර්ශනයක් ඇතිවේ.එය උතුම් සමාජ මෙහෙවරක්ද වේ.(නදී)

:       0       0

සෙනරත් Thursday, 28 February 2013 07:47 AM

හොද වැඩේ. ලංකාවේ මිනිසුන්ගේ මොලේ කෑවට දඩුවම්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 608 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site