IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


චෙක් සතුන් වත්තෙන් දෙහිවලට අමුත්තෝ

ශ්‍රී ලංකාව සහ චෙක් ජනරජය අතර සත්ත්ව හුවමාරු වැඩ පිළිවෙළ යටතේ චෙක් රජයෙන් පිරිනැමුණ කැලෑ අශ්වයන් යුවළක් කොමොඩෝ ඩ‍්‍රැගන් නමින් හඳුන්වන කටුසු විශේෂයක් සහ හිපපොටේමස් යුවළක් කටුනායක ගුවන්තොටුපොළෙන් දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයට අද රැුගෙන එනු ලැබූහ. චෙක් ජනරජයේ ප‍්‍රාග් නුවර ජාතික සත්වෝද්‍යානයට මෙරටින් රැුගෙන ගිය අලිපැටවුන් දෙදෙනකු වෙනුවෙන් මෙම සතුන් ලැබුණු බව සත්වෝද්‍යාන ආරංචි කියයි.



අදහස් (0)

චෙක් සතුන් වත්තෙන් දෙහිවලට අමුත්තෝ

ඉන්දික Friday, 12 October 2012 09:47 AM

මෙච්චර වටින අලි දෙන්නට ලැබුනේ මේ සොච්චමද ? (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 12 October 2012 03:13 PM

සිංහයා වැඩියෙන්ම කන්න කැමති මස් තමයිලු හිපකොටේමස්. (නි)

:       0       0

සම්පත් Friday, 12 October 2012 10:09 AM

අපේ අලීන්ට පින්සිදු වේවා .ඇමරිකාවේ යුරෝපයේ අලි නෑ...ආසියා සහ අප්‍රිකාවේ පමණයි ඉන්නේ (ස)

:       0       0

සම්පත් Friday, 12 October 2012 10:12 AM

සාදරයෙන් පිලි ගන්නවා

:       0       0

ෂෙරීෆ් Thursday, 11 October 2012 10:37 PM

හුවමාරුව දිගටම කරමු. (නි)

:       0       0

සජිත් Friday, 12 October 2012 10:18 AM

මේ සත්තු 2 නාගෙන් කවුද මුලින්ම පරලොව යන්නේ?? අනේ මුන් දෙන්නා විහින්ම මරණ සහතිකය ලියාගත්තා වගේ වැඩක් කරගෙන තියෙන්නේ.. මුන්ව බලන්න නම් ඉක්මනටම යන්න වෙයි. (ස)

:       0       0

රිස්වාන් - සවුදි Thursday, 11 October 2012 10:51 PM

කොල්ලුපිටියෙන් දීපු නයත් ඉන්නේ එහෙ තමයි. (නි)

:       0       0

කීර්ති Friday, 12 October 2012 10:13 PM

මෙම සතුන්ට සහ ඔවුන්ට ලැබෙන පැටවුන්ට දෙවි පිහිටයි! තව ටික දවසකින් මෙම සතුන් මියගියා යැයි පලවේවි..(ස)

:       0       0

Friday, 12 October 2012 10:46 AM

ලංකාවේ ‍ඩෙල්ෆ් දූපත්වල අශ්වයෝ ඉන්නවා නේද..??? (ස)

:       0       0

මුතුකුඩ Friday, 12 October 2012 10:38 PM

සත්තු වත්තේ බොහෝ සතුන්ට හොරි බෝවෙලා තියෙනවා කියන්නේ ඇත්තද? මේ අයව පරිස්සම් කරගත්තොත් හොදයි. (නි)

:       0       0

නිමල්කා Thursday, 11 October 2012 11:33 PM

හොදයි. තවත් වැඩිදියුණු කරගන්න. (නි)

:       0       0

කපිල Thursday, 11 October 2012 11:58 PM

කොහොමවුණත් අලි පැටවු දෙන්නා වාසනාවනතයි. මෙහෙට ආපු දෙන්නට දෙවි පිහිටයි! (නි)

:       0       0

හෂාන් Friday, 12 October 2012 11:36 AM

අන්න හොද වැඩක්

:       0       0

කපිල Friday, 12 October 2012 12:31 AM

මෙම සතුන්ට සහ ඔවුන්ට ලැබෙන පැටවුන්ට දෙවි පිහිටයි! (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 12 October 2012 12:41 AM

අපේ රටේ තත්වය නොදෑනයි මෙහෙ ඇවිත් තියෙන්නෙ. වර්ජන මොකුත් බැහැ. දෙන දේ කාලා බීලා ඉන්න ඕනෑ. (නි)

:       0       0

සමන් Saturday, 13 October 2012 08:23 PM

ලන්කාවෙ සතියකට අලි දෙන්නෙක් මිනිස්සු මරනවනේ..අනිත් උන් ටිකත් යැව්වනම් හොන්දයි..(නු)

:       0       0

උදයංග Friday, 12 October 2012 12:09 PM

පවු අසරණ සත්තු. අන්තිමට එහෙයි මෙහෙයි දෙකම නැතිවෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

සම්පත් Saturday, 13 October 2012 12:36 AM

මුන්ව කූඩු කරගෙන ඉන්නේ නැතුව යාල වනෝද්‍යානයට නිදහස් කරන්න. (නි)

:       0       0

සමන්ති Friday, 12 October 2012 04:42 AM

මේ සත්තු මරන්නේ නැතුව පරිස්සම්කර ගත්තොත් හොඳයි (ස)

:       0       0

දර්ශන් Friday, 12 October 2012 07:03 AM

වෙල් කම්! (නි)

:       0       0

දමිත් Saturday, 13 October 2012 03:51 AM

ඉක්මණින් ගොස් ඔවුන් පිළිබද සොයාබැලිය යුතුයි. (නි)

:       0       0

වරුණ Friday, 12 October 2012 07:49 AM

අර ලගදී අම්මගෙ ඇගටම යටවෙලා මැරුණු පැටියා ගැන මතක්වෙද්දී මේ සතුන් ගැන දුක හිතෙනවා. (නි)

:       0       0

නිමල් Friday, 12 October 2012 07:50 AM

අනේ පවු මේ සත්තු. ‍අපේ නිලධාරීන්ගේ නොදැනුවත්කම නිසා මේ සත්තුන්ට ලැබෙන පැටවුනුත් මැරෙයිද? (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 12 October 2012 08:22 AM

ගුවන් තලෙන් ඉගිල්ලිලා ලංකාවට ආව මේ සුන්දර දුටුව ගමන් සතුටක් හද ගාව අපේ ලස්සන හැඩ බලන්න ඒනවද නොපමාව මට දුක වැඩි නෑ පිරිසම අඩනව ඇති තාම (ස)

:       0       0

දමිත් Friday, 12 October 2012 08:16 AM

මේ ගොල්ලන්ව මේ ‍ගෙන්වලා තියෙන්නේ බැංකුවල වැඩවලටලු. චෙක් සම්බන්ධව හොදට දන්නවලු. (නි)

:       0       0

මර්සි Friday, 12 October 2012 01:22 PM

ඔය සත්තු වත්තෙ පරිපාලනය හරියට හදන්නේ නැතුව මොන සත්තු ගෙනාවත් වැඩක් නැහැ. සත්තු ටික පවු. (නි)

:       0       0

ශානි Friday, 12 October 2012 01:24 PM

ගොඩක් ශීතල දේශගුණයක් තියෙන රටකට ඇයි අපේ අලි පැටවු දුන්නේ? කෝ මේ පරිසර සංවිධාන? (නි)

:       0       0

ලුම්බිණි Friday, 12 October 2012 08:32 AM

සතුන් කොටු කරගෙන ඉන්න එක හොඳ දෙයක් නොවේ. (ස)

:       0       0

ලක්ෂාන් Friday, 12 October 2012 08:44 AM

හුවමාරුවේ හැටියට අපේ පැත්ත‍ට ගොඩක් අවාසියි වගේ . අලි පැටැව් ගොඩක් වටින නිසා මේ ලැබුණු සත්තු වටිනවා මදියි වගේ (ස)

:       0       0

හර්ෂණ Friday, 12 October 2012 01:40 PM

අපරාදේ මේ සත්තු දෙහිවල සත්තුවත්තටනම් දාන එක (ස)

:       0       0

නන්දලාල් Friday, 12 October 2012 08:00 PM

චන්ද්‍රසිරි මහත්තයාව දැක්කහම සිංහයා එහෙම කිවුවලු. (නි)

:       0       0

ශානී Sunday, 14 October 2012 09:47 AM

සෝබනේට සත්තු ගෙනාවා. ඒත් සත්තුන්ට ලැබෙන්නේ කුඩම්මගේ සැලකිලි.

:       0       0

රණතුංග Friday, 12 October 2012 09:05 PM

මෙයාලත් යවමුද පාර්ලිමේන්තුවට? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site