(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගමදී හිටපු බන්ධනාගාර නිලධාරියකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු ඝාතන සිද්ධීන් හතරක වෙඩික් කරු ලෙස කටයුතුකළ හිටපු හමුදා සෙබළුකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
ඉකුත් අගෝස්තු මසදී පමණක් මෙම ඝාතන සිදු කර තිබූ බව පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා විට අයිස් මත්ද්‍රවය ද , යතුරුපැදියක් සන්තකයේ තිබූ බව පොලිසිය සඳහන් කරයි
ඉකුත් අගෝස්තු මස 4 වෙනිදින බොරැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ සිටි පිරිසකට වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් පුද්ගලයන් තිදෙනකුට බරපතල තුවාල සිදු කිරීම, අගෝස්තු 21 වෙනිදින බණ්ඩාරගම- බොල්ගොඩ තුන් බෝධිය අසලදී මෝටර් රථයකින් යමින් සිටි. හිටපු හමුදා බන්ධනාගාර නිලධාරියකු වූ පානදුර ප්‍රදේශයේ පදිංචි ලලිත් කුමාර කෝදා ගොඩ නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් පානදුර කුඩු නිලන්ග නමැත්තාගේ මාමණ්ඩියට පානදුර අළුබෝ ගහ වත්ත නිවසට කඩා වැදි වෙඩි තබා ඝාතනය කිරීම සැකකරු විසින් සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඝාතන හතරක වෙඩික්කරු අල්ලයි