
(ගයාන් සූරියආරච්චි)
ගෝනා පීනුවල ප්‍රදේශයේ නිවසක තනිව විසූ කාන්තාවක ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගෝනා පීනුවල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක අලුත්වල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
සැකකරු සහ ඝාතනය කළ කාන්තාව අවුරුදු කීපයක් එකම නිවසේ පදිංචිව සිට ඇති අතර ඉකුත් පොසොන් පෝදා එම කාන්තාව සිල් ගැනීමෙන් අනතුරුව නිවසට පැමිණ තිබේ.
එදින සවස් කාලය හෝ රාත්‍රී කාලයේ එම කාන්තාවට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවට පොලිසිය සැක පල කරයි.එසේ ඝාතනය කර තිබුණේ අවුරුදු 76ක ගෝන පීනුවල අලුත් වල ප්‍රදේශයේ පදිංචි පදිංචිකාරිනියකි.
අත්අඩංගුවට ගත් සැකකරු මිය ගිය කාන්තාවගේ සහෝදරයාගේ පුතෙකු බව පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.