(චමින්ද වැවතැන්න, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, පී ශාන්ත බංඩාර සහ එන්. රණසිංහ)
මාවනැල්ල කිරිංගදෙණිය හා කෙරමිණිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කොට රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා තිබියදී මළ සිරුරු දෙක කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මියගේ ඉදිරියේ අද සවස ගොඩ ගත්තේය.
මළ සිරුරු වළ දමා පස්වලින් වසා ඊට උඩින් අගල් තුනක පමණ කොන්ක්‍රීට් තට්ටුවක් දමා තිබූ අතර කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිය වෛද්‍ය සමන්ත විජේරත්න මහතාගේ අධීක්ෂණය යටතේ කොන්ක්‍රිට් තට්ටුව කපා ග්‍රයින්ඩරයකින් කපා ඉවත් කළේය.
අඩි 4 ක් පමණ පස් ඉවත් කරද්දී ඉටි උරයකට බහා තිබුණු මළ සිරුරු කොටස් සොයා ගැනීමට පොලිසියට හැකි විය. පසුව ඉටිඋරය ගොඩට ගෙන කෑගල්ල මහ රෝහලට යැවීමට කටයුතු කළේය.
වැඩිදුරටත් විමර්ශන කටයුතු තවදුරටත් හෙට සිදු කිරීමට නියමිතව ඇති අතර මළ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ හෙට කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්ත විජේරත්න මහතා විසින් සිදු කිරීමට නියමිතව ඇත.
මාවනැල්ල කිරිංගදෙණියේ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆාන් හා සාපියා වත්ත පදිංචිව සිටි මොහොමඩ් නෆ්පාස් මොහොමඩ් අලී නැමැති තරුණයන් දෙදෙනාගේ සිරුරු එසේ ගොඩගනු ලැබීය.
ඉකුත්නොවැම්බර් 18 වන දින හා 25 දින සිට අතුරුදන්ව ඇති බව පවසා ඔවුන්ගේ මව්පියන් දෙසැම්බර් 07 දින මාවනැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු බව මාවනැල්ල පොලිසිය පැවසීය.
තම දරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය අලෙවි කරන බවත් රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගකුගෙන් මත්ද්‍රව්‍ය මිලට ගන්නා බව දැන ගන්නට ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් වේ.
මාවනැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ද දැනුම් දීමක් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඝාතනය කර වළ දැමූ තරුණයන්ගේ සිරුරැ ගොඩගනී
Bamunuarachchi Friday, 13 January 2023 07:57 AM
මම හිතුවේ සිංහල තරුණයෝ දෙදෙනෙක් කියලා.
sharm warn Friday, 13 January 2023 12:35 PM
මේ තමයි මත්ද්‍රව්‍ය පාතලයේ අවසන් වෙන තැන. අයිස් අල්ලන්න බැරි පොලිසිය අරගලයේ පූල් එකේ නාපු එවුන් හොයනවා. ඒවාට වෙලාව තියනවා. ඉදිරියෙදි තවත් කොන්ක්‍රීට් කපන්න බලාපොරොත්තු වෙන්න.