
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගල ඝාතනයකට ගිනි අවියක් රැගෙන ත්‍රිරෝද රථයකින් යමින් සිටි බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකු විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා ජීව උණ්ඩ පහක් සමග අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි.
හංවැල්ල පොලිසියේ නිලධාරීන් ඉරිදාපොළ හන්දියේ ක්ෂනික මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කිරීමේදී තීරෝද රථයක් අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් රාත්‍රී ජංගම සංචාර නිලධාරීන් තීරෝද රථය පසුපස හඹා ගොස් නවතා පරික්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සහ ජිව උන්ඩ සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම කිසියම් පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා මෙම ගිනි අවිය රැගෙන යනවාද යන්න සොයා විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි
සැකකරුවන් දෙදෙනා කොස්ගම වෙරළු පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35/49 අතර පසුවන රියදුරු රැකියාවේ නියුතු පුද්ගලයන් දෙදෙනෙකි
2025 දෙසැම්බර් මස 18
564
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1083
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඝාතනයකට යමින් සිටි දෙදෙනකු හංවැල්ලේදී අල්ලයි
Moravinda Anuravila Wednesday, 08 January 2025 11:02 AM
එල්ලා මරා දැමිය යුතුයි .එලියට ඇවිත් ආපහු ඕකම කරනවනේ
රසික Wednesday, 08 January 2025 12:39 PM
එල්ලා මරණු ..ඇප නොදෙනු..
Bunny Preena Thursday, 09 January 2025 09:37 AM
යවන්ට තියෙන්නේ හිර ගෙදරට