IMG-LOGO

ඝාතනයකට යොදා ගත් ගිනිඅවියක් නුගේගොඩින් හමුවෙයි

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඩුබායි රාජ්‍යය මගින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙරටට රැගෙන ආ සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී ඝාතනයක් සදහා යොදාගත් ගිනි අවියක් නුගේගොඩ ප්‍රදේශයේ වළදමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයගනු ලැබීය.

ඩුබායි රාජ්‍යයට නිකුත් කළ රතු වරෙන්තු මත එම සැකකරු ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යයට ගොස් සැකකරු ඉකුත් 12 වැනිදා මෙරටට රැගෙනවිත් තිබුණි.

එසේ ඩුබායි සිට මෙරටට රැගෙන එනු ලැබූවේ නුගේගෙඩ, ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 45ක ව්‍යාපාරිකයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 90 ක රැදවුම් නියෝග ලබාගෙන තිබුණි.

 ඒ අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඩුබායි රාජ්‍යයට පලාගොස් සැගව සිට ඇති බව අනාවරණයවී ඇත.

සැකකරු එම ඝාතනය සදහා යොදාගත් බ්‍රවුනින් වර්ගයේ පිස්තෝල ගිනි අවියක් නුගේගොඩ, ජම්බුගස්මුල්ල ප්‍ර දේශයේ ඉඩමක වළදමා ඇති බව අනාවරණයවීමෙන් අනතුරුව එම ගිනි අවිය පොලිස් නිලධාරින් විසින් සොයාගනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් පරිදි මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (2)

ඝාතනයකට යොදා ගත් ගිනිඅවියක් නුගේගොඩින් හමුවෙයි

akalanka Tuesday, 23 July 2024 04:13 PM

මෙයා ඉතිහාසගත වෙන්නේ ලංකාවේ පොලිසියට ආයුධ පෙන්නලා පණපිටින් ඉන්න පළමු පුද්ගලයා නිසා...

:       0       0

fairoos Tuesday, 23 July 2024 05:33 PM

ගිනි අවිය පෙන්නනකොට වෙඩි තියන්න බැරි උනාද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site