IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඝාතනයකට ඇවිත් දේපොළ කොල්ල කෑ 4ක් අත්අඩංගුවට

      

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඝාතනය කිරීම සඳහා වෙස් වලාගෙන පැමිණ එය ඉටු නොවූ තැන ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ මව දනගස්වා රන් භාණ්ඩ ඇතුළු දේපළ කොල්ලකෑ ඒ. එස්. පි. නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අපරාධකරු ඇතුළු සිව් දෙනෙකු පැය කිහිපයක් තුළදී අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි.

සැකකරුවන්  සමග කොල්ල කන ලද රන් ආභරණ, ජංගම දුරකථන සහ කොල්ලයට යොදාගත් තියුණු ආයුධ යකඩ පොල්ලක් , ආරක්ෂක හිස් වැසුම් හා වෙස් වලා ගැනීම සඳහා යොදාගත් ඇඳුම් පැළඳුම් තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

මොරටුමුල්ල විල්ලොරවත්ත ප්‍රදේශයේ පදිංචි විවිධ ජාරාමවලට සම්බන්ධ පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා ඉකුත් 6 වෙනි දින අලුයම  2.30 ට පමණ මෙම සැකකරුවන් නිවස වෙත පැමිණ ඉදිරිපස දොරට තට්ටු කර ඇති අතර දෙසියන් දොර විවෘත කිරීම ප්‍රතික්ෂේප  කිරීම හේතුවෙන් මුළුතැන් ගෙයි දොර කඩාගෙන නිවස තුළටඇතුළු වී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ජාවාරම්කරු ඒ වන විට නිවසේ සිට නැතිඅතර  අපරාධකරුවන් ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ මව දණගස්වා වැරදි සිටි රන් ආභරණ සහ අනෙකුත් දේපළ මෙන්ම රුපියල් 23000 ක මුදලක්ද කොල්ලකා පලා ගොස් තිබිණි

 

 

 



අදහස් (0)

ඝාතනයකට ඇවිත් දේපොළ කොල්ල කෑ 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site