IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගෝඨා ’ග්‍රීන් කාඩ්’ ඉල්ලයි

ගෝඨා 'ග්‍රීන් කාඩ්' ඉල්ලයි

 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා 'ග්‍රීන් කාඩ්' අයැදුම් කර ඇතැයි 'ඩේලි මිරර්' පුවත්පත අනාවරණය කරයි. ඇමෙරිකාවේ සිටින හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන් පසුගිය මාසයේ සිටම ග්‍රීන්කාඩ් පහසුකම හරහා ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගැනීම වෙනුවෙන් වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ ඇමෙරිකානු පුරුවැසිභාවය ඇති අයෙකු වීම නිසා එම පහසුකම ලබාගැනීමට හිටපු ජනාධිපතිවරයාට හැකි බවත් පැවසෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේවනවිට තායිලන්තයේ සිටින අතර ඔහු නොවැම්බර් මාසය දක්වා එහි රැඳී සිටීමට තීරණය කළද එම තීරණය අවලංගු කර  අගෝස්තු 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවද එම එම පුවත්පත සඳහන් කරයි.   



අදහස් (25)

ගෝඨා ’ග්‍රීන් කාඩ්’ ඉල්ලයි

පිටිගල මිලානෝ Thursday, 18 August 2022 08:17 AM

ෂෙඩ් එකක ජොබක් නම් මගේ යාලුවන්ට කියලා හොයා දෙන්න පුලුවන්.

:       21       26

chandimaThursday, 18 August 2022 02:18 PM

ජොබ් මොකක් උනත් කමක් නැහැ ගෙවන්නෙ එකම ඩොලර් වලින්. අනික අමෙරිකවෙ තමන් කරන රැකියව අනුව මිනිස්සු වර්ග කරන්නෙ වත් ගරහන්නෙ වත් නැහැ. කානු හෙඩුවත් ලන්කාවෙ ජනදිපතිට වඩා වැඩි පඩියක් ලබෙනව. දැන්වත් ඔය සක්කිලි කතා නවත්වල දමමු.

:       0       5

බයියා Thursday, 18 August 2022 08:54 AM

ඇයි මේ අපේ හිටපු සෑර් එහෙටම යන්න හදන්නේ ? සෑර් ගේ භක්තිකයෝ ටික ඉන්නේ මෙහේනේ , අපිනම් කැමති සෑර් මේ අවුරදු 2න් ගොඩ දාපු රටේ අපිත් එක්ක මෙහෙටවෙලා මයියොක්ක ටිකක් තම්බගෙන කාල , QR කෝඩ් එකට තෙල් ටික ගහගෙන අස්ප ගානක් දීල ගෙදරට කුළුබඩු ටික අරගෙන අපි වගේම මෙහ්ටම වෙලා සතුටින් ඉන්නව නම්

:       14       38

Anura Nanayakkara Thursday, 18 August 2022 08:58 AM

ඔබතුමා ජීවිතේ ඉතිරි කාලය කැමැති විදිහට සිය පවුල සමග ඇමෙරිකාවේ සතුටින් ගෙවන්න. ඔබතුමාගේ උදාර බලාපොරොත්තු කිරීමට ඔබතුමාට නොහැකි වුණා. වැරැදි දූෂිතයින්ගේ බලපෑම සහ අවසාන කාලයේ ඔබතුමාගේ ලාමක ක්‍රියාකලාපය නිසා රට හැර පලා යෑමට සිදුවුණා...

:       0       0

siri Thursday, 18 August 2022 09:08 AM

කළකම් පලදේ.. යහපත් පිළිවෙළට රට පාලනය කළා නම් ඔය කරදර නෑ නේද? රට විනාශ කරන අනෙක් අයටත් පාඩමක්...

:       0       0

ලලිත් අම්බලන්ගොඩ Thursday, 18 August 2022 09:14 AM

ඇත්තටම ගෝඨාභය ඉල්ලන් කෑවේ මහින්දගේ පරිප්පු. මහින්ද පරිප්පු කෑවේ වටේ හිටපු ජොන්ස්ටා, විමල්, ගම්මන්පිල, රත්තරං, මහින්දානන්ද වගේම දකුණේ හිටපු රාසපුත්ත වැනි දේශපාලකයින් නිසා. මහින්ද බොහෝම හොඳ කෙනෙක්... හරිම එඩිතර තීරණ ගත්තා. නමුත් අනවශ්‍ය දේ බොහෝමයක් කරලා රටේ සල්ලි අතිවිශාල වශයෙන් විනාශ කළා. එයට හොදම උදාහරණය තමයි, රන්මිණිතැන්න ඇතුලු හම්බන්තොට හදපු කොන්කීට් වනාන්තතර. කබ්රාල් මේ රට විනාශ කරපු අනිත් කෙනා. එයාට යුතුකමක් තියෙනවා, මහින්දට කියන්න සර් ඔහොම මුදල් නාස්ති කරන්න එපා කියලා. තවතව දේවල් කියන්න පුළුවනි. අපේ අම්බලන්ගොඩ දේශපාලන හැතිකරේ, ඒ කියන්නේ තක්කඩි රංචුව කරපු වැඩ වලිනුන් ලකුණු කැපුනේ මහින්දගේ. මට මතකයි පසුගිය ජනාධිපතිවරණයට ගෝඨාභය අම්බලන්ගොඩට එන දවසේ, මම අර කියපු හොර නඩේ රිලව් වගේ බස් ස්ටෑන්ඩ් එක වටේ ලයිට් කණු වල එල්ලිලා හිටියා. මේ ගැන කථා කරන කොට ඇත්තටම අප්පිරියයි.. මමත් ගෝඨාභයට ඡන්දෙ දුන්නා. හැබැයි මහා මැතිවරණයට දුන්නේ නැහැ. මොකද අම්බලන්ගොඩ හොරු පාර්ලිමේන්තුවට යවන්න තරම් මම නිවට නැති නිසා...!

:       0       0

sharm warn Thursday, 18 August 2022 09:28 AM

බිත්තියේ ගහපු හොරුන් කන්න වෙලාද?

:       0       0

ganegoda Thursday, 18 August 2022 11:59 AM

සාමාන්‍යය පුද්ගලයින්ට " ග්‍රීන්කාඩ් " ලබුනත් රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ග්‍රීන්කාඩ් නොලබෙන බව තාම දන්නෙ නැහැ වගේ !

:       14       11

Prabha Thursday, 18 August 2022 12:17 PM

හොරකම් කරෙ නැත්නම් ඇයි බය ලංකාවට යන්න. රනිල් විශ්වාස නැද්ද?

:       13       23

siri Thursday, 18 August 2022 12:23 PM

කවුරුවත් " මහලොකු දේශ ප්‍රේමීයා" කියල කියනවා එහෙම නෙවේ ඔන්න...

:       13       18

මැක්ස් Thursday, 18 August 2022 12:24 PM

ඩේලි මිරර් පත්‍රය හිටපු ජනපති ගොටභය පසු පස පන්නනේ කිසියම් අදෘශමාන න්‍යාය පත්‍රයකට අනුව ද? පසුගිය දා පල කළ එක් වාර්තාවකට අනුව කියා වුනේ "විදෙස් රටවල් සමග විශාල සබදතා රාශියක් ඇති රාජපක්ෂවරු" හිටපු ජනාධිපතිවරයාට කිසියම් රටකින් වීසා ලබා දීමට ක්‍රියා කරන බවයි. පුවත්පත කියන ලෙස ඔවුනට එවන් සබදතා ඇත්නම් ගෝටා මහතා මේ වනවිට තම මව් රටට පැමිණීමට නොහැකිව එක්තරා අන්දමක සරණාගත මට්ටමකට වැටී ඇත්තේ ඇයි? පුවත්පත විසින් ඔහුගේ සියලු ගමන් බිමන් ගැන ඕනෑවටත් වඩා විමිසිලිමත් වෙමින් වාර්තා කරන්නේ මෙරට සිටින හුදු ගෝටා විරෝධී වෛරක්කරුවන් සතුටු කිරීමට ද? එසේත් නැත්නම් ඔවුන්ගේ ඉලක්කය පහසු කරමින් ගඩාෆිගේ ඉරණම ගෝටා මහතාට අත්කර දීම ද?

:       17       22

Ranjit Thursday, 18 August 2022 12:27 PM

සිංහල බෞද්ධ උරුමය රකිනවා කියලයි ආවේ. අන්තිමේදී නඩු අස්කරගන්න පිහිට උනෙත් පන බේරගන්න පිහිට උනෙත් මුස්ලිම් මිනිස්සු. කවුද එතකොට ලනුව ගිල්ලේ ?

:       12       23

පිටිගල මිලානෝThursday, 18 August 2022 02:41 PM

මෙන්න බයියෙක් එලිබැහැලා…..

:       12       3

පිටිගල මිලානෝThursday, 18 August 2022 03:31 PM

මෙය මැක්ස්ට ලියූ පිළිතුරකි.

:       0       0

Hafeel Thursday, 18 August 2022 04:17 PM

ජාතික ආරක්ෂාවට තර්ජන කියලා සහ රට බේරගන්න ඉන්න විරුවා කියලා ගෙනාපු කෙනාට වෙච්චි දේ... මේකෙන් රටේ ඡන්ද දායකයින් පාඩමක් ඉගෙනගත්තේ නැත් නම්, ඵලක් නැහැ.

:       0       0

sam Thursday, 18 August 2022 01:37 PM

අපායේ කාඩ් එක තමයි ලැබෙන්ඩ තියෙන්නෙ, 88/89 මාතලේ කොල්ලො කෙල්ලො අතුරු දහන් කලාට, යුද්දෙ කලේ අහින්සක මිනිස්සු අතුරු දහන් කලාට, එක්නැලිගොඩ, අතුරු දහන් කලාට, ලසන්තව ඝාතනය කෙරුවට, භාරත ලක්ශ්මන්ව ඝාතනය කෙරෙවුවට, තව ඒලියට ආපු නැති අපරාද කොච්චර වත් අති. අනේ එක හින්ද ඔයාට අපායෙ ගෝල්ඩ් කාඩ් එක ‍යම රජ්ජුරැවො තැපෑලෙන් එවයි එදාට එහෙ යන්ඩ.

:       11       17

ගමේ එකාලා Thursday, 18 August 2022 01:54 PM

සවුබාග්‍යයේ දැක්ම පෙන්වන්ඩ ඇවිත් දැන් යන එන මන් නැතිවෙලා ? අනේ අනිච්චං ?

:       10       13

fairoos Thursday, 18 August 2022 02:00 PM

අනේ යන තැනකට තොළොංචි වෙලා යන්න... ලංකාවට නම් එන්න එපා. හොඳට තිබුණු රට කෑවා.

:       0       0

SUNIL MILANO Thursday, 18 August 2022 02:13 PM

ලෝකයේ කොහේ හියත් සිංහලය කියන්නෙ කිසිම දෙයක් හරියාකාරව තේරුම් නොගෙන තමන්ගෙම ජාතිය කිසිම හිරිකිතයක් නැතිව අවතක්සේරු කරනව.

:       6       20

පිටිගල මිලානෝThursday, 18 August 2022 03:29 PM

ඒ වගේම හරිම හොරු. ජාතික ධනය කොල්ලකා ඩයස්පෝරාවේ ආයෝජනය කළ අය...

:       0       0

Kumara Thursday, 18 August 2022 02:54 PM

කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා.

:       0       0

SUNIL MILANO Thursday, 18 August 2022 03:21 PM

බයියෙක් වීම මට නම් නම්බුය. මෙතැන ඉන්න සියලුම දෙනා කාටහරි රෙදි අපුල්ලනවා.

:       0       0

චතුරි Thursday, 18 August 2022 05:08 PM

මුදලටයි. බලයටයි. කෑදර වෙලා. ඇමරිකාවෙ පුරවැසිකම නැති කරගත්තා. ලෝයර් කෙනෙක් කවදාවත් බැහැයි කියන්නෙ නැහැ. සල්ලි තියෙනවා දැනගත්තාම. කෙසේවෙතත්. ඩොලර්ස් 20, 000කට වැඩිය යනවා. මේ සල්ලි රටේ මුදල් හොරකම් කරපුවා. කිසිම ලෝභකමක් නැතිව හැමදෙම අත් හදාබලනවා. ගෝඨගෙ දැනුම බින්දුවයි. කවදාවත් ලැබෙන්නෙ නැහැ. අයියා මල්ලි. ගුරුකම් බලෙන්. ජිවිතයට මුහුණ දෙන්නෙ. සුමනදාසයි. ඥානඅක්කයි පොහොසත් වුනා. දෙන්නගෙ. රජ පුටු දෙක නැති වුනා. නැවත ලංකාවට එන්න් ඉඩතියන්න එපා. නැවත එකතුවෙලා රටින් එලවන්න ඔනා. ආව ගමන්. අත්අඩංගුවට ගන්න ඔන කෙනෙක් කොහොමද නැවත රට යන්න බලන් එන්නෙ. පුදුම රටක් මේකනම්. රටේ නිතියක් නැහැ. අවුරුදු ගනන් පරණ නිති පොතෙ වගන්ති වැඩකරන්නෙ. පොඩි මිනිහට විතරයි

:       4       8

Sumith Thursday, 18 August 2022 09:25 PM

ලංකාවෙ ඉන්නෙ කුමන්ත්‍රණ කාරයන්ගෙ විජාතිකයන්ගෙ ගැටලුවලට ලේසියෙන්ම අහුවෙන මිනිස්සු. රටක් ජාතියක් එහෙම උන්ට වටිනාකමක්නෑ. ඔබ එසේ යන එක රටට පාඩුවක් බව කෙදිනක හෝ ඔවුන්ට අවබෝධ වනු ඇත.

:       4       1

ඩබ්.එස් එල් කොඩිකාර Saturday, 20 August 2022 05:22 PM

මේ වනවිටත් ක්‍රියාත්මක වන්නේ ඔහු විසින් යෙදූ වැඩ පිළිවෙලයි. අලුත් ජනාධිපතිවරයා මෙතෙක් කිසිඳු වැඩ පිළිවෙලක් ඉදිරිපත්කර නැත. අපට අමතක ඔහු නිමකළ නගර නිර්මාණ මංමාවත් සියල්ලටම පළමුව වසර 30ක බිහිසුණු යුද්ධය අපට අමතකව ගියහැටි. යුදහමුදා විනය රටේ අනෙකුත් දූෂිත රාජ්‍ය නිලධාරීන්ගෙන් බලාපොරොත්තු වීම ඔහුගේ අවසානයයි. කෙසේවෙතත් ඔහු අපට බිහිවූ විශිෂ්ඨ නායකයෙකි. අවසාන මිනිත්තුවේදීත් ජනතාවට එක් උණ්ඩයක් හෝ පාවිච්චි නොකරන ලෙස උපදෙස් දුන් අයුරු වර්තමාන පිනට පත්වූ නායකයා ක්‍රියා කරන පිළිවෙත හා ගලපන්න. ජනාධිපතිවරයා ලෙස පිටරට යෑමට රජයේ මුදල් වැය කිරීම ගැටළුවක් නොවේ. ගෝඨාභය විරුවාණෙනි, ඔබට ආයු බොහෝවේවා!.

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 139 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 311 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 364 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 268 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 374 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 132 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site