
(නිමල් ජයරත්න )
විද්‍යාලයට පවතින ගුරු හිඟයට වහා විසඳුම් දෙන ලෙසට බල කරමින් වැලිකන්ද ගල්තලාව හරහා අරලගංවිල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය යතුරුපැදි, පාපැදී ,ලි කොට, දමා බිම වාඩි වී අවහිර කරමින් ටයර් පුළුස්සා ගල්තලාව ඇතුළු ගම්මාන කිහිපයක මවුපියන්, ගල්තලාව විද්‍යාලය ඉදිරිපිට අද(22 ) විරෝධතාවයක නිරත වූහ
.ගල්තලාව ප්‍රාථමික විද්‍යාලය 1 වසරේ සිට 5 වසර දක්වා දරුවන් 80 කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපන ලබන අතර ඒ සඳහා ගුරුවරුන් 06 දෙනෙකු අවශ්‍ය වුවද, දැනට සිටින්නේ විදුහල්පතිවරයා සමග ගුරුවරුන් හතර දෙනකු පමණක් බවත්, ඉංග්‍රීසි විෂයට මෙන්ම අද(22 ) පළමු වසරට භාරදුන් දරුවන්ට ඉගැන්වීමට ගුරුවරුයෙකු නොමැතිකම බවත්ගො ඔවුහු කියති.
මෙම විරෝධතාවය ගල්තලාව ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට පැය දෙකකට ආසන්න කාලයක් පවතින අතරතුර අරලගංවිල වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.ජී.එස්, කුලතුංග මහතා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් පැමිණ විරෝධතා කරුවන්න්ට මග අවහිර නොකර මාර්ගයෙන් ඉවත් වන ලෙසට ඉල්ලීමක් කළේය.
එහිදී මවුපියන් සඳහන් කළේ අදාළ බලධාරියකු සම්බන්ධ කර ගුරු හිඟයට විසඳුමක් ලබා දෙන තුරු තමන් විරෝධතාවයක් නොහැරෙන බවයි නිසි විසඳුමක් ලබාදෙන තුරු තමන් විරෝධතාවය අත් නොහරින බවයි.

2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගුරුගිඟයට විසඳුම් ඉල්ලා ගල්තලාවේ උද්ඝෝෂණයක්