(බී.ජානක)
පොලිස් නිලධාරියකුට බැන තර්ජනය කිරීම සහ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස අධිකරණයට බාර වීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි ගුණරත්න වන්නිනායක මහතා, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමග අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණීමෙන් අනතුරුව මෙම නිතී කෘත්‍ය කැඳවනු ලැබීය.
ඇප කොන්දේසි ලෙස සැකකරුට බලපෑම් කිරීම සහ හෙට උදෑසන 9.00 බස්නාහිර දිසාව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ කොන්දේසි වශයෙන් මහේස්ත්‍රාත්වරයා නියම කළ අතර ඇප කොන්දේසි කැඩුවොත් ඇප අවංගු කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැන්වීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගුණරත්න වන්නිනායක ඇප මත මුදා හරියි
de silva Wednesday, 15 October 2025 06:21 PM
වන්නි ගුනේ උසාවි අවා වන්නි ගුනේ ගෙදර ගියා , ආණ්ඩුව මාරු වුණා කියලා කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ... ඔබට පාන්ද..?
Lalith Wednesday, 15 October 2025 08:17 PM
පව් කෑම කන්න ගිහින් අඩියක් ගහලා පොඩි පිස්සුවක් කෙළියට ඔය තරම් දගලන්න දෙයක්ද? මීයෝ රා බිව්වා කියලා හිතලා වැඩේ ඉවරයක් කරන්න.