
(දිනේෂ් උපේන්ද්‍ර)
දැව ලොරියක් වෙනුවෙන් කූට ලේඛන සැකසුවැයි සැකපිට අත්අඩංගුවට ගත් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන ස්ථානාධිපති වරයා එළැඹෙන 10 තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසා විනිසුරු යූ.බී. කුළතුංග මහතා නියම කළේය.
එසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගිරඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියජනක අල්විස් හා අපරාධ විමර්ශන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චරිත් මධුරංග නැමැත්තන් දෙදෙනෙකි.
සැක්කරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු පොලිස් කණ්ඩායම කියා සිටියේ අත්අඩංගුවට ගත් දැව ලොරියක් වෙනුවට නාරම්මල අධිකරණයට වෙනත් ලොරියක් ඉදිරිපත් කළ බවට සැකපිට සැකකාර පොලිස් නිලධාරීන් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිමාන්ඩ් කෙරුවා... ඉතා හොඳයි, නම් සඳහන් කෙරුවා - ඉතා හොඳයි, පොලීසියෙන් 'ක්ලීන් ශ්‍රී ලංකා' පටන්ගන්නවා නම් ඉතාම හොඳයි.
ඉතාම හොඳ මහත්වරු ඉතාම සුළු පිරිසක් අපේ පොලිසියේ ඉන්නවා . ඒ අයට එකෙන්ම respect . නමුත් නිරපරාදේ අහිංසක මිනිස්සුන්ගේ මුළු අනාගතයම අඳුරේ හෙලන ආකාරයේ බොරු නඩු පටලවන පහත් මිනිස්සුත් මේකේ ඉන්නවා . නව පොලිස් ඇමති තුමනි , පොලිස්පති තුමනි වචනයේ අර්ථයෙන්ම මහත්මා ගති ඇති පොලිසියක් හැදීමට ඔබලාට හැකිවේවා ! මෙවැනි දුෂිත නිලධාරීන්ව පොලිසියෙන් හිරගෙට පන්නමු . අඩුම තරමින් මිනිහෙකුට ආචාරශිලිව කතාකරන්න දන්නෙවත් නැති මිනිස්සු බහුල තැනක් මෙතන . බොහෝ පොලිස් ස්ථානාධිපතිවරු හිතන් ඉන්නේ ඔවුන් පළාතේ නඩුකාරයා කියලයි .