IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ගිනි අවියක්-කඩු සමඟ අයෙක් අල්ලයි

( රවින්ද්‍ර ලියනගේ )

විදේශිය රටක නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ විශේෂිත උණ්ඩ යෙදිය හැකි ස්වංක්‍රිය ගිනි අවියක් සහ තියුණු කඩු දෙකක් සිය නිවසේ තබා ගෙන සිටි සැකකරුවෙක් තොඩුවාව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් බක්මිවලාගාර ප්‍රදේශයේදි   අද (23) පෙරවරුවේදි අත් අඩංගුවට ගනු ලැබිය.

මෙසේ අත් අඩංගුවට ගත් සැකකරු  63 හැවිරිදි මහවැව බක්මිවලාගාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තොඩුවාව පෙලෙිසියට ලැබුණු තොරතුරක් අනුව 23 දා පෙරවරුවේ සැකකරුගේ නිවස පරික්ෂා කිරිමේදි සගවා තිබු ස්යංක්‍රිය ගිනි අවිය කඩු දෙක සොයා ගෙන ඇත.

එම ගිනි අවිය විශේෂිත උණ්ඩ යෙදිය හැකි කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් බවත් එය අනවසර එකක් බවත් පොලිසිය කියයි.

සැකකරු මෙම ගිනි අවිය  හා කඩු දෙක කිසියම් අපරාධයක් සදහා යොදා ගත්තේද නැතිනම් කුමන හේතුවක් මත ගිනි අවිය හා කඩු දෙක තබාගෙන සිටියේද යන්න විමර්ශණයක් පවත්වන බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

ගිනි අවියක්-කඩු සමඟ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1308 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1239 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site