IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ගෑස් උණ්ඩ 10ක් වහලයකින් හමුවෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අරගල සමයේ රැගෙන ආ බවට  සැක කරන ගෑස් උණ්ඩ 10   ක් අඩංගු බෑගයක්   කොළඹ 7 මල් පාර කොමන් කොපි හවුස් ගොඩනැගිල්ලේ වහලය මත තිබී  හමුවූ බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

කැමා වර්ගයේ බෑගයක එම උණ්ඩ තිබී ඇත.

කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විසින් කුරුඳුවත්ත පොලිසියේ වැඩ ස්ථානාධිපතිවරයාට කරන ලද දැනුම් දීමකට අනුව එම ගෑස් උණ්ඩ සොයාගෙනඇත.

2022  වර්ෂයේදී  අගමැති කාර්යාලය ආසන්නයේ අරගලකරුවන් විසින් සිදු කළ උද්ඝෝෂණය අතරතුරදී ආරක්ෂක අංශ විසින් රැගෙනආරක්ෂක අංශ විසින් රැගෙන ආ   ගෑස් උන්ඩ අරගල කරුවන් අතට පත්ව විසි කිරීමේදී මෙම ගොඩනැගිල්ලේ රැඳී තිබෙන්නට ඇති බව සැක කරන බවට වාර්තාකර ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවැසිය.

ගෑස් උණ්ඩ බහා තිබූ කැමා වර්ගයේ බෑගයේ අව්වට සහ වැස්සට තෙමීමෙන් දිරාපත් වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (1)

ගෑස් උණ්ඩ 10ක් වහලයකින් හමුවෙයි

අරවින්ද මොණරවිල Thursday, 30 October 2025 11:28 AM

දැන් ඔය කදූළු ගෑස් උන්ඩ බෑග් එකත් එක්ක කටු ගෙදරට යවමු අරගලයේ සිහිවටනයක් ලෙස !

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1697 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 511 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site