IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ගෑස් 245කින් ගණන් උස්සයි


 
මහින්ද නිශ්ශංක
 

කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබා දී ඇත.
 
මේ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1676කි.



අදහස් (17)

ගෑස් 245කින් ගණන් උස්සයි

Ruwan Friday, 27 April 2018 11:40 AM

තවමත් පෙර රජය අයකළ මුදලට වඩා අඩුවෙන් ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු විය යුතුයි.

:       887       881

රූපසිංහ Friday, 27 April 2018 09:42 PM

සහතික ඇත්ත. මොකද තවම ආවගමන් නේද? ලඟදීම ඔයාලව යන්න සූදානමින් නේ ඉන්නේ.. ඒ නිසා ඔහොම වැඩි කරමින් යන්න. අර පසුගිය කාලේ තිබුණු ගණනටමත් වඩා ඉර පනිනකම්.. එදාට ඔයාලටත් වෙන්නේ එයාලටම වෙච්ච එකම තමයි. බලාගෙන ඉන්න...

:       0       0

BamunuarachchiSaturday, 28 April 2018 12:59 AM

පළමු රජයට වඩා දරාගන්න බැරි තරම් බදු පැටවීම ගැන කණගාටු වී රුපියල තවත් බාල්දු කිරීමට ඉඩ නොදී 2020ට ප්‍රථම මේ රජය පෙරළා දැමිය යුතුය.

:       0       10

Soma dubayi Friday, 27 April 2018 12:49 PM

ලෝක වෙළඳපළේ ගෑස් මිල හොඳටම වැඩිවෙලා. හරිනම් 1000කින්වත් වැඩි කරන්න ඕනේ..

:       317       215

සනත් ඉතාලිය Friday, 27 April 2018 01:46 PM

තිලක් නැගිටින්න වැඩට යන්න පරක්කු වෙනවා.

:       0       1

ShanakaFriday, 27 April 2018 01:46 PM

කොයි වෙළඳපලේද ගබඩා තියෙන්නේ... නිකන් යහපාලනේට කඩේ යන්න එපා හලෝ..

:       365       140

Bappa Friday, 27 April 2018 01:14 PM

යහපාලනයට තාම කඩේ යන්නේ නැතුව බොර තෙල් බැරල් එකක මිල බලන්න. 2014 අප්‍රේල් - 110, 2018 අප්‍රේල් - 64 ....

:       132       387

BamunuarachchiSaturday, 28 April 2018 01:27 AM

බොරතෙල් මිල ඉහළ යාම නොවෙයි ගැටළුව...රුපියල මෙතරම් අවපාත වීමයි. මෙසේ අවපාත වීමෙන් දෙවතාවකට මිල ඉහළ යනවා. බොරතෙල් මිල ඉහළ යාම නිසා ගෙවීම රජයේ පාලනයෙන් තොරයි. නමුත් රුපියල අවපාත වීම නිසා වැඩිපුර ගෙවන අයට රජය වගකිව යුතුයි. ඒත් කොටළුවෙක් කියා තිබුණා රුපියලේ අවපාතය කුමන්ත්‍රණයක් කියලා.

:       0       0

Hafeel Friday, 27 April 2018 01:48 PM

දැන් රවී කරුණානායක කියාවි මේක නම් අසාධාරණයි කියලා. අර රත්රන්වලට බද්දක් පනවපු එක අසාධාරණයි කියලා කිව්වා වගේ. එයාට දැන් තමයි ජනතාවගේ දුක තේරෙන්නේ.

:       0       5

Soma dubayi Friday, 27 April 2018 01:52 PM

පංචවිධ ප්‍රතිපත්තිය යටතේ යහපාලන රජය රට දියුණු කරනවා.

:       80       1

de silva Friday, 27 April 2018 02:03 PM

බාප්පා බොර තෙල් මිල සංසංදනය කරන්න ඕනේ 2014 අප්‍රේල් වල සිට නොව 2015, 8 වෙනිදා සිට ජනවාරි මාසේ සිට... පුළුවන් නම් දෙන්නකෝ මේකට උත්තර...

:       21       12

සතයපාල Friday, 27 April 2018 02:29 PM

මේ ආණ්ඩුවේ හොරකම් වලටයි, ගිය ආණ්ඩුවේ හොරකම් වලටයි වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අපිටමයි. ඒ මදිවට කෙළවරක් නැතිව ගිණි පොලියට ණය ගත්තා සංවර්ධනයේ නාමයෙන් නාස්තිකාර ව්‍යාපෘතිවලට අද එවායේ ණය ගෙවන්න රටේ ආදායම මදී ඒ නිසා නැවත ණය ගන්නවා ණය වාරික හා පොලිය ගෙවන්න එතකොට ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුලය අරමුදලේ කොන්දේසි ඉටු කරන්න වෙනවා ඒවායේ ප්‍රතිථල තමයි මේ.

:       117       307

NuwanFriday, 27 April 2018 07:41 PM

සත්‍යපාල ඇත්ත කියන්න එපා... දැක්කද ඩිස්ලයික් දාලා තියන තරම... අපේ රටේ මිනිස්සු කැමති බොරු අහන්න. ඒ නිසා බොරු පමණක් කියන්න.

:       0       0

BamunuarachchiSaturday, 28 April 2018 01:13 AM

හලෝ යුද්ධයක් කරලා රට බේරාදුන්නේ ඔහේගේ පප්පාගේ බූදලෙන්ද? ඒවා තමයි වෙච්ච ණය... ඔබලාට මේ රටේ යුද්ධයක් තිබුණා... එ්කට බිලියන ගණන් වියදම් කලේ ණයවෙලා කියලා කිසිම හැඟීමක් නෑ නේද? මොළය තිබෙනවා නම් ටිකක් කල්පනා කරන්නකෝ යුද්ධයකට වියදම් කල සල්ලි කොහෙන් ආපුවද කියලා.... කිලිනොච්චිය කොහෙද නොදන්නේ 62ක් අය යුද්ධයක් කළේ කොහොමද කියලා...

:       0       146

ananda Saturday, 28 April 2018 01:11 AM

පොඩ්ඩක් ඉන්නකෝ තාම අපි අලුත් ගමනක් යන්න පටන් ගත්ත විතරයිනේ අද ගෑස් හෙට පෙට්‍රල් අනිද්දාට විදුලි බිල් ජලබිල් පත් සතියට එක ගානේ ඡන්ද ප්‍රතිඵල දෙනවා කියලා දොස්තර මහත්තයා කිව්වා මතක නැද්ද?

:       0       0

sisira Saturday, 28 April 2018 03:17 AM

රුවන් වගේ හිතන මිනිස්සු තාමත් ඉන්නවනේ...

:       0       0

රවින් Saturday, 28 April 2018 03:51 AM

දන්නා විදියට නම් ලෝක වෙළඳපොලේ ගෑස් මිල ජනවාරි - අප්‍රේල් අතර ඩොලර් 100 කින් පමණ පහත බැස ඇත. කොයි මිල සූත්තරෙත් පොදුජන සාක්කුවට තමා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site