
ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල රජය අතරේ නව සටන් විරාමයක් ලබන සඳුදා (4) ආරම්භ වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
බයිඩන් මෙසේ පැවැසුවේ, නිව්යෝක් නුවර සිය මැතිවරණ කටයුතුවල යෙදෙමින්, අයිස් ක්‍රීම් අවන්හලකට ගොස්, අයිස් ක්‍රීම් රස බලමින් සිටියදී, අවන්හල ඉදිරිපස සිටි මාධ්‍යවේදියකු කෑ ගසමින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මධ්‍යවේදියා බයිඩන්ගෙන් ඇසුවේ, ඊශ්‍රායල හමාස් යුද්ධය අවසන් වන්නේ කවදාද යන්නය.
‘දීර්ඝ විස්තරයක් කරන්න මට පුළුවන් කමක් නැහැ. තවමත් හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතරේ සාකච්ඡා පැවැත්වෙනවා. ඒත් මට කියන්න පුළුවන් ලබන සඳුදා වෙද්දී, සටන් විරාමයක් ආරම්භ වේවි.’ යැයි බයිඩන් පැවැසුවේ, අයිස් ක්‍රීම් තොල ගාමිනි.
ඇමෙරිකන් ජනාධිපතිවරණය, මෙම 2024 වසරේ නොවැම්බරයේ පැවැත්වීමට නියමිත අතර, ඩිමොක්‍රටික් පක්ෂයෙන් බයිඩන් ඊට ඉදිරිපත් වෙයි. ඊට පෙර, ජනපද මට්ටමින් ඡන්ද පැවැත්වෙයි. ඒ, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයා වීමට ඇති ජනප්‍රියත්වය උරගා බලමිණි.
ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී, බයිඩන් පරිපාලනයේ සහාය හිමිවන්නේ ඊශ්‍රායලයටය. ඊශ්‍රායලය දිගින් දිගටම, ගාසා තීරයට පහර දෙද්දී, පලස්තීන සිවිල් වැසියන් මියයෑම, පලස්තීන වැසියන් සමූල ඝාතනයක් යැයි ඇමෙරිකන් තරුණ ප්‍රජාවගේ අදහසය. ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී බයිඩන්ගේ සහාය ඊශ්‍රායල රජයට හිමිවීම එලැඹෙන ජනාධිපතිවරණයේ දී අවාසියක් වනු ඇතැයි ද පැවැසෙයි.
නිව්යෝක් නුවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කර, ධවල මන්දිරයට යෑමෙන් පසු, බයිඩන් සිය ආරක්ෂක අංශ උපදේශකයන් ද හමුවී සාකච්ඡා පවත්වා මාධ්‍ය හමුවක් කැදවීය.
එහිදී ඇමෙරිකන් ජනාධිපතිවරයා ඊශ්‍රායල හමාස් සටන් විරාමය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අනාවරණය කළේය. රාමදාන් මාසය නිමිත්තෙන්, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමෙන් වැළැකී සිටීමට ඊශ්‍රායල රජය එඟත්වය පළ කළ බව බයිඩන් එම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.
මේ අතර, ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිව ඊශ්‍රායලය ‘ජනසංහාර’ සිදු කරන්නේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගෙන් කොළ එළියක් ලැබී ඇති නිසා බවත්, පලස්තීන වැසියන් කිසි දිනෙක බයිඩන්ට සමාව නොදෙනු ඇති බවත් හමාස් සංවිධානය කියයි. ජෝ බයිඩන් ඉතාමත් නින්දිත ජනාධිපතිවරයකු ලෙස ඇමෙරිකන් ඉතිහාසයට එක්වනු ඇතැයි ද හමාස් සංවිධානය වැඩි දුරටත් පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
272
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාසා සටන් විරාමය ලබන සතියේ - බයිඩන්
චන්දන Tuesday, 27 February 2024 01:47 PM
දැන් පැහැදිළියිනේ ලොකයේ යුද්ධ පවත්වාගෙන යාම තීරණය කරන්නේ කවුද කියලා..!