IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගස් වටේ නැටුවත් ඒක හරියට කරන්න ඕනෑ

SAN_2378

 

සිනමා තිරයේදී විටෙක ඇය සමනලියක සේ වන්නීය. බාහිර පෙනුමින්ද මැන බලා ඇය වඩා ළඳ බොළඳ චරිතයකැයි සමහරු විශ්වාස කළ හැකිය. නමුත් දිල්හානි අශෝකමාලා වන ඇය එලෙසින්ම නොවන්නීය. ඒ වග, ඒ ගැන දිල්හානි මේ කතා බහ වෙතින් ඔබට පසක් කරදේවි.

 


button දිල්හානි කොහොමද ජීවිතේ?
මං හරි සරලවනෙ ජීවිතය ගැන හිතන්නෙ. ඉතින් ජීවිතය බොහොම සරලව ගෙවෙනවා.


button ඒ සරල බව ගැන පැහැදිලි කළොත්?
විශාල අරමුණු මගේ හිතේ නැහැ. ඇසුරට සුදුසු අය ඇසුරු කරනවා. සොබා දහම එක්ක, ඒ වගේම ඇත්ත එක්ක හරි කිට්ටුයි. අන්න ඒක තමයි සරලකම මගේ.

 

dzsgg
button ගෙවී ගිය ජීවිතයේ තිබුණු අරමුණු මොනවද?
කවදත් මට විශාල අරමුණු තිබුණෙ නැහැ. අද දවසේ සහ ලැබුණු දේ සතුටින් බාරගෙන වැඩ කළා. චිත‍්‍රපට රඟපෑමට බලෙන් චරිත ලබාගෙනත් නැහැ. කිසිදෙයක් එහෙම හඹාගෙන ගිහින් කළෙත් නැහැ.

 


button කලාකරුවො පක්ෂ පාට හරහා පිල්බෙදිලා. ඔබ එය දකින්නෙ කොහොමද?
ඒක ප‍්‍රතිපත්තිමය බෙදීමක්. නමුත් අවසානයේදී ඔය ඔක්කෝමලා එකට එකතු වෙනවා. වෘත්තියේදී ඔය දේශපාලන මති මතාන්තර මොනවත් බලපාන්නෙ නැහැ.

 


button එක එක්කෙනා තරහින්, වෛරයෙන් බලන්නෙ නැද්ද?
එහෙම අත්දැකීම් නැතුවාම නෙවෙයි.  ඕනෑම කෙනෙකුගේ නිදහස් අදහස් වලට ගරු කරන්න  ඕනෑ. නිදහස් චින්තනයට විශේෂයෙන්ම ගරු කළ යුතුයි.

 

 

button පවතින රජයට පක්ෂ කලාකරුවන්ට එක විදියකට සහ විරුද්ධ පක්ෂවලට ලැදි කලාකරුවන්ට නිතරම තහංචි පැනවෙන්නෙ ඇයි?
ඔහොම වෙන්නෙ තනතුරු බදාගන්න ගියාමයි. ස්වාධීනව ඉඳලා  ඕනෑම මතයක් දැරුවාට කමක් නැහැ. අද වෙලා තියෙන්නෙ ස්වාධීන වෙන්න බැරි තත්ත්වයට පත්වීමයි. රජයකට යටත් වුණොත් කලාකරුවො කියන කෙනාගෙ ගෞරවය නැතිව යනවා. එහෙම වුණාම කලාකරුවා මහජන නියෝජිතයකු වෙන්නෙ නැහැ.

 


buttonඅපේ රටේ කලාකරුවන්ගෙ හඬ ප‍්‍රබලයි කියලා ඔබ හිතනවද?
යම්කිසි ප‍්‍රමාණයකට විශ්වාසය පළුදුවෙලා. නමුත් අද වන විට ඒ අතරේ උඩුගං බලා යන පිරිසකුත් සිටිනවා. කිසිම වාසියක්, තනතුරක් නැතුව තමන්ගෙ ජීවිතය පවා අනතුරේ දාගෙන ක‍්‍රියාකරන පිරිසක් සිටිනවා. සමාජයට සහ සමාජය වැඩිපුර දැනෙන්නෙ ඒ අයටයි.

 

button ඇයි කලාකරුවො තමුන්ගෙ වැඩක් නොකර මේ දේශපාලනය බදාගන්නෙ?
ඇත්තටම කලාකරුවන් වෙතින් විය යුත්තේ දේශපාලනය නොකර දේශයේ ආරක්ෂාව බදා ගැනීමයි. එතකොට එයාලා ඉන්නෙ ජනතාවගෙ පැත්තෙයි. රටක වැරදි දකින්න පුළුවන් නම්? ඒ ක‍්‍රමය වෙනස් කළ යුතු නම්? අපි ඉන්නෙ එතකොට ජනතාව එක්කයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන්න  ඕනෑ බුද්ධිමත් අයයි, නමුත් කළුකඩ මුදලාලිලා උඩ ඇවිත්.

 


button මේ වගේ මතදරාගෙන පෙනී සිටීම් නිසා ඔබට අසාධාරණයක් වේවි කියලා හිතුවෙ නැද්ද?
ජීවිතේ දැන් මට බයක් නැහැ. හතළිහ පැනලනෙ. ජීවිතයෙ මේ සියල්ල ලැබුවෙ ජනතාව නිසයි. ඒ නිසා මගේ යුතුකම වන්නේ ඒ ජනතාවට ස්තුතියි කියනවාට වඩා, ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් පෙනී සිටීමයි. මගේ ඇත්ත එක්ක ජීවිතය ගත කිරීම මිසක්, මරණය ගැන මට බියක් නැහැ.

 


button ගෘහණියක, බිරිඳක, මවක ලෙස ඔබගෙ ගෙදර භූමිකාව මොන වගේද?
ඒ මාතෘකා එක්ක සමහර දේ මගෙන් අතපසු වෙන්නත් ඇති. නමුත් ඔය කියන සම්මතයේම ඉන්නත් මම අකමැතියි. බිරිඳ කියලා ගෘහස්ථ සිරගත වීමක් වැඩක් නැහැ. දරුවකු හැදුවා, එයාට මාවත කියලා දුන්නා. ඉතින් මේ පොළවට ණය නැති අම්මා කෙනෙක් ලෙස මැරිලා යාවි.

 


button ඔබ මොන විදියට කතා කළත්, දිල්හානි කියූ විගස සමහරු මනින්නෙ ඔබ වාණිජමය සිනමාවේ, සමනළ චරිතයක් ලෙසයි. ඒ මිම්මට ඔබ එකඟද?
මං හරි හොඳට හිනාවෙලා, විහිළුවක් කරගෙන තමයි නිතරම ඉන්නෙ. ඉතින් සමහරු හිතනවා ඇත්තෙ මං හරි බොළඳයි, කිසිදෙයක් දන්නෙ නැති ඔහේ ඉන්න කෙනෙක් කියලා හිතනවා ඇති. සමහර විට මගේ යාළුවෝ පවා හිතන්නෙ එහෙම වෙන්න ඇති. ඒත් මම හිතන විදිය වෙනස්.

 


button දිල්හානි කියන චරිතය අපේ රටේ සම්භාව්‍ය කියලා පිළිගත් ලේබලයේ සිිටිනවද?
මගේ හිතේ ඉන්නවා නේද? නැත්නම් හොඳම නිළිය කියන සම්මානය පස්වතාවකදී ලැබෙන්නෙත් නැහැනෙ. ඒ නිසා පොඩි ප‍්‍රමාණයක හරි සම්භාව්‍යය තැනැක් ඇති. ගස් වටේ ගිහින් නැටුවත්, විකට චරිත කළත්, ඔය මොන විදියට වේවා, ඒවා හරියට කළා නම් එච්චරයි.


හැඩගැන්වීම් - තුෂාර විදාන ගමගේ

 

sadun-gamage

 



අදහස් (0)

ගස් වටේ නැටුවත් ඒක හරියට කරන්න ඕනෑ

තිලක් දර්ශණ Friday, 06 February 2015 09:55 PM

මම වැඩියෙන්ම කැමති හොඳ දක්ෂ නිලියක් (නදී)

:       0       0

අවන්ති Thursday, 05 February 2015 12:17 PM

ඇය ලස්සනයි. දක්ෂ නිලියක් වගේම විවෘත හදවතක් ඇති සුන්දර කාන්තාවක් .(හේ)

:       0       0

සමන්තිකා පෙරේරා Wednesday, 18 February 2015 08:33 AM

අපට සිටින දක්ෂ සහ රූමත් නිලියක්. ඔබට සුභ පැතුම්! (ර)

:       0       0

සම්පත් වික්‍රමආරච්චි Thursday, 05 February 2015 03:10 PM

තවත් නිලියන් නැතිනම් ඇය දක්ෂ නිලියක් වේවි. ඒත් ඇය හොඳ නැටුම් ශිලිපිනියක්. ඒ අංශය දියුණු කළානම් ඇය ඡන්න විජේවර්ධනගේ ගුරුහරුකම් ලැබ දක්ෂ නැටුම් ශිලිපිනියකව රටට කීර්තිය ගෙන ඒමට හැකියාව තිබුණා.(හේ)

:       0       0

සුජිත් කුමාර Thursday, 05 February 2015 03:13 PM

අවන්තිගේ අදහසට මාත් එකඟයි.(හේ)

:       0       0

රුක්මාල් Sunday, 08 February 2015 05:14 AM

නියමයි අක්කේ! (නි)

:       0       0

තුෂාර Thursday, 20 August 2015 06:27 AM

සුන්දර ලස්සන නිළියක් හරිම ලස්සනයි දැක්කත් ඇති (අ)

:       0       0

සනත් Saturday, 07 February 2015 05:44 AM

අපි ඇයගේ චිත්‍රපටි බැලුවේ අසු ගණන්වල. එදා වගේමයි ඇය අදත්. සුබ පතමි සුභ අනාගතයකට! (නි)

:       0       0

ජීවා Friday, 06 February 2015 01:17 PM

නියම ගැහැණු රූපයක් තියන රූමත් නිලියක්. (නදී)

:       0       0

නිලන්ත Friday, 06 February 2015 06:42 AM

දිල්හානි ඔබ දක්ෂ නිලියක්.අපි ඔබට සැමදා ආදරය කරනවා!!!(හේ)

:       0       0

ජයන්ති Tuesday, 17 February 2015 02:34 AM

මගේ ප්‍රියතම නිළිය ඔබයි. ඔබ අව්‍යාජ සත්‍යවාදී ලස්සන නිලියක්. ඔබට මම සුබම සුබ දිවියක් පතනවා. (නදී)

:       0       0

විජේසිංහ Wednesday, 11 February 2015 10:15 AM

මෙන්න ඇත්තම ලස්සන. බොරු නෑ මේකප් නෑ.(හේ)

:       0       0

කැලුම් Thursday, 05 February 2015 08:06 AM

ලංකාවේ ඉන්න හොඳම නිළිය. (ර)

:       0       0

රුක් Monday, 09 February 2015 09:53 AM

නියමයි, ලස්සනයි අක්කි ඔයා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site