(යොහාන් භාසුර)
ගෘහස්ථ ගෑස් සිලින්ඩයක වර්තමාන මිලේ කිසිඳු වෙනසක් නොවන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික අරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
පාරිභොගික අධිකාරිය දැනට ක්‍රියාත්මක කරන ගැසට් පත්‍රයේ සඳහන් පරිදි කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1493 ක්, කිලෝ 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 597 ක් සහ කිලෝ 2.3 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 298 ක් ලෙසම පවතින බවත් ඒ අනුව කිසිඳු මිල වැඩි වීමක් නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියයි.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් ඇති බැවින් මිල ඉහළ දැමිය යුතු බවට ගෑස් සමාගම් මුදල් අමාත්‍යංශය, වෙළෙඳ අමාත්‍යංශය සහ පාරිභෝගික අධිකාරිය දැනුවත් කර තිබෙන බවත් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගෑස් සමාගම් දෙක වන ලාෆ් සහ ෂෙල් යන සමාගම්වල කිලෝ 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩයක මිල රුපියල් 1501 කි.
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1697
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘ගෑස් මිලේ වෙනසක් සිදුවන්නේ නෑ‘‘
mohan Sunday, 18 April 2021 06:51 PM
හේවිසි කාරයන් වේලාසනින් ඇවිල්ලා
fairoos Monday, 19 April 2021 07:17 AM
ඔව් ඉතින් ඔයාලාගේ කට විතරයි ... දැන් ඉතින් හැමෝටම සැප තමයි....
BamunuarachchiMonday, 19 April 2021 11:45 AM
මොකක්ද හලෝ ඒ කතාව? රුපියලේ වටිනාකම පහත යනනිසා ගෑස්මිල ඉහළ ගියා කියලා මැසිවිලි නගන්න බැහැ. මොකද ඔය ගොල්ලන්ගේ ආණ්ඩුවක් තිබුණොත් වෙන්නේත් ඔය ටිකමයි. ගිය අවුරුදු 5 දීපු සැප වින්දා හොඳටම...
fairoosTuesday, 20 April 2021 07:13 AM
ආණෟඩුව මොන දේ කළත් හරි කියන කට්ටිය නේ ඔයාලා