IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගෙවල් සුද්දයට හිටපු හමුදා නිලධාරියෙක් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ දිනේෂ් උපේන්ද්‍ර)

රුපියල් ලක්ෂ1,357හතක් පමණ වටිනා ප්‍රාඩෝ ජීප් රථ දෙකක් වැගන් ආර් වර්ගයේ වෑන් රථ දෙකක් සහ නවීන පන්නයේ යතුරුපැදියක් සහ රත්තරන් මාලයක් හොරා ගෙන ගිය බව කියන යුද හමුදාවේ විශ්‍රාමික දෙවෙනි ලුතිනන්වරයකු සහ තවත් පුද්ගලයකු කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක්   සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හොරාගත් වාහන මිලදී ගෙන තිබූ බව කියන කොළඹ ප්‍රදේශයේ පදිංචි වාහන අමතර කොටස් ව්‍යාපාර පවත්වාගෙන යන ධනවත් ව්‍යාපාරිකයන් දෙදෙනකු සහ මහරගම ප්‍රදේශයේ වාහන බ්‍රෝකර්වරයකු ලෙස කටයුතු කරන පුද්ගලයකු ද සැක පිට අත්අඩංගුවට ගන්නා ලදැයි  උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ප්‍රාඩෝ ජීප් රථ දෙක වැගන්නාර් වර්ගයේ වෑන් රථ දෙක ඇතුළු දේපොළ ද පොලිස් බාරයට ගෙන තිබේ.

බිංගිරිය ගිරිඋල්ල නිට්ටඹුව පන්නල කුලියාපිටිය අත්තනගල්ල සහ මීරිගම යන ප්‍රදේශවල පිහිටි නිවාසවල නතර කර තිබියදී මෙම වාහන හා යතුරු පැදිය සොරාගෙන ගොස් තිබිණි යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

කුලියාපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිරංජන් අබේවර්ධන මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පිත ගුණරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

 



අදහස් (1)

ගෙවල් සුද්දයට හිටපු හමුදා නිලධාරියෙක් මාට්ටු

Samitha Senaka Aluthgamage. Monday, 13 March 2023 08:32 PM

බොහෝ වෙහෙස මහන්සි ගෙන,මේ සංවිධානාත්මක හොරකම ඇල්ලූ සියලුම පොලිස් නිලධාරීන් හට අපගේ ප්‍රණාමය ... පොලීසියේ වැරදි හා අඩුපාඩු පෙන්වාදෙන අප ඔවුන්ගේ දක්ෂතා හා අගනා සේවය අගය කිරීමටද අමතක නොකරන බව දන්වා සිටිමු.සැබෑ මාධ්‍ය මෙහෙවර එයයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site