
(හේමන්ත රණසූරිය සහ දයාරත්න ඇඹෝගම)
කැබිතිගොල්ලෑව හිජ්ජාපුර ප්‍රදේශයේ කුඹුරු යායක පැල් රැකීමට ගිය ගොවීන් දෙදෙනකු ගංවතුරට කොටුව සිටියදී යුද හමුදා සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බව කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් දමිත් කණකරත්න මහතා පැවසීය.
මෙලෙස ජලයෙන් බේරාගෙන ඇත්තේ හිජ්ජාපුර පදිංචි 55 සහ 50 යන වසයේ සිටි දෙමස්සිනාලා වූ ගොවීන් දෙදෙනෙකි.
ඔවුන් දෙදෙනා (18) දින සවස තම කුඹුරු යායේ පැල් රැකීමට ගිය බවත් , එදින රාත්‍රියේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා පදවිය වැවේ ප්‍රධාන ජල සැපයුම් මාර්ගය වන මොර ඔය පිටාර ගලා තමන්ගේ කුඹුරු යාය සහ ඔවුන් සිටි පැළ ජලයෙන් යට වීම නිසා මොර ඔය අසල ඇති උස කුබුක් ගසකට නැග ගත් බවත් ඔවුන් දෙදෙනා පැවසූහ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.