IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගුවන් හමුදා පැරෂුට් දස්කම්

ශ්‍රී  ලංකා ගුවන් හමුදාවේ  29 වන මුලික පැරෂුටි පාඨමාලාව හැදෑරූ  ගුවන් භටයන් හා කාන්තාවන්  විසිරයාමේ  පෙළපාලිය ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර ගුවන් හමුදා කඳවුරේදී අද උදෑසන පැවැතිවිණි.

මෙම  පාඨමාලාව සාර්ථකව අවසන්කල ගුවන් හමුදා නිළධාරින් 07 දෙනෙකු,  ගුවන් භටයන් 26 දෙනෙකු හා ගුවන්  කාන්තාවක්  ඇතුළු ගුවන් හමුදාවේ  34 දෙනෙකු ද,  පොලිස් විශේෂ බලකා නිළධාරියකු , පොලිස් විශේෂ බලකා සෙබලෙකු හා නාවික හමුදා සෙබලෙකු ඇතුළු රණවිරුවන් 37 දෙනෙකු හට පැරෂුටි නිළ ලාංඡන පැලදවිම ගුවන් හමුදාපතිවරයා  විසින් සිදූකරන ලදි

නිල් අහස ඡයගත්  විරුවන් අතුරින්  පාඨමාලාව තුල දැක්වු දක්ෂතාවයන් වෙනුවෙන් දක්ෂතම පැරෂුටි භටයාට හිමි කුසලානය 31555 කොප්‍රල්  එමි.කේ.ඒඡි.ඒඑ.න් කිත්සිරි  හිමිකර ගත්තේය.

මෙම  අවස්ථාව  විචිත්‍රවත් කරමින් අඩ් 5000 ක් ඉහල අහසේ සිට  නිදහසේ පොලව මතට පතිත වෙමින් ශී ලංකා ගුවන් හමුදා පැරෂුටි කණ්ඩායම  පැරෂුටි සංදර්ශනයක්ද,  ගුවන් හමුදා තුර්ය වාදක කණ්ඩායම   තුර්ය වාදක සංදර්ශනයක්ද ඉදිරිපත් කළහ.

මෙම අවස්ථාවට  ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක,  ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිළධාරින්,  අමිපාර ගුවන් හමුදා කදවුරු අණදෙන නිළධාරි  ගෘප්  කැෆ්ටන් චමින්ද වික්‍රමරත්න, පැරෂුටි පුහුණූ පාසලේ අණදෙන නිළධාරි වින්ග් කර්මාන්ඩර් ඡගත් ගොඩකන්ද ඇතුළු ත්‍රිවිධ හමුදා හා  පොලිස්  නිළධාරින් මෙන්ම සෙසු නිලයන් ඇතුළු මෙම පාඨමාලාවෙන් විසිරයන  විරුවන් ගේ පවුල් වල  සාමාඡික සාමාඡිකාවෝ  විශාල පිරිසක් සහභාගී වුහ.

DSC_1868 DSC_1876 DSC_1880 DSC_1913 DSC_1921 DSC_1934 DSC_1969 DSC_1976 DSC_1998 DSC_2040 DSC_2087

 

 

    

 

 

 



අදහස් (0)

ගුවන් හමුදා පැරෂුට් දස්කම්

සුජාත දිසානායක Friday, 06 February 2015 01:36 PM

ඔබලා අපේ රටට ආඩම්බරයක්.(හේ)

:       0       0

මහින්ද Friday, 06 February 2015 02:20 PM

මේ දේවල් දකින කොට අපිට ගොඩක් ආඩම්බරයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site