IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගුවන් හමුදා පාපැදි සවාරිය 1 - 2 - 3

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අඛණ්ඩව 14 වැනි වරටත් පවත්වනු ලබන ‘ගුවන් හමුදා පාපැදි සවාරිය’ මෙවර මාර්තු මස 1, 2 සහ 3 යන දින වලදී පැවැත්වීමට නියමිතය.
ගුවන් හමුදාවේ 62 වැනි සංවත්සරය සමරමින් පවත්වනු ලබන මෙම තරගාවලිය මෙවර අදියර 3 කින් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා ප‍්‍රමුඛ පෙලේ පාපැදි කරුවෝ 100 කට අධික සංඛ්‍යාවන් සහභාගී වීමට නියමිතය.

මෙම පාපැදි තරගාවලිය පිරිමි සහ කාන්තා ලෙස කාණ්ඩ දෙකකින් පැවැත්වෙන අතර පිරිමි තරගය කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භවී පළමු දින තුළ දඹුල්ල දක්වාත් (කි. මි. 148), දෙවැනි දිනය තුළ දඹුල්ලේ සිට පුත්තලම දක්වාත් (කි. මි. 143) ගමන් කිරීමට නියමිත අතර තුන්වැනි දින පුත්තලමේ සිට නැවත කොළඹ ගුවන් හමුදා මූලස්ථානය දක්වා පැමිණීමෙන් පසු (කි. මි. 129) අවසන් වේ. සම්පූර්ණ තරගයේදී පාපැදි කරුවන්ට කි. මි. 420 ක දුරක් ධාවනයේ යෙදීමට සිදුවේ.

කාන්තා තරගය මාර්තු මස 3 වැනිදා කටුකුරුන්දෙන් ආරම්භවී කොළඹ ගුවන් හමුදා මූලස්ථානය දක්වා පැමිණීමෙන් පසුව අවසන්වේ. එහි දුර ප‍්‍රමාණය කි. මි. 56 වන අතර මේ සඳහා පාපැදි තරග කාරියන් 30 කට ආසන්න ප‍්‍රමාණයක් සහභාගී වීමට නියමිතය.
පිරිමි තරගයේ ප‍්‍රථම ස්ථානය දිනා ගන්නා කී‍්‍රඩකයාට රුපියල් ලක්ෂ 3 ක මුදලක්ද, දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පිළිවෙළින් රුපියල් ලක්ෂ 2 ක් සහ ලක්ෂයක්ද වශයෙන් ත්‍යාග පිරිනැමේ. පළමු ස්ථාන 25 සඳහා වටිනා මුදල් ත්‍යාග පිරිනැමීමටද සංවිධායක කමිටුව සූදානමින් සිටී.

පිරිමි කණ්ඩායම් තරගයේ ජයග‍්‍රාහකයින් වෙනුවෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක් (150,000) සහ අනුශූරයින් වෙනුවෙන් රුපියල් හැත්තෑ පන්දහසක් (75,000) පිරිනැමීමටද කටයුතු සංවිධානය කර තිබේ.

කාන්තා තරගයේ ප‍්‍රථම ස්ථානය දිනා ගන්නා කී‍්‍රඩිකාවට මුදලින් රුපියල් පනස් දහසක් (50,000 පිරිනැමෙන අතර දෙවැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථාන දක්වාද වටිනා මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය. ඊට අමතරව කාන්තා කණ්ඩායම් තරගයේ ජයග‍්‍රාහකයින් වෙනුවෙන් රුපියල් පනස් දහසක මුදලක් (50,000) පිරිනැමීමටද සංවිධායක කමිටුව සැළසුම් කර තිබේ.

අබාන්ස් ආයතනයේ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෙවර ප‍්‍රථම වතාවට උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වලින්ද පාපැදි කරුවන් සහභාගීවන බව වාර්තාවේ.



අදහස් (0)

ගුවන් හමුදා පාපැදි සවාරිය 1 - 2 - 3

ගාමිණි Thursday, 21 February 2013 12:48 PM

නියමයි ඒක මහා සවාරියක් (දී)

:       0       0

තුෂාර Thursday, 21 February 2013 02:30 PM

ගුවන් සවාරිය (දී)

:       0       0

ජානුක Monday, 25 February 2013 11:33 AM

මේක තමයි ලංකාවේ තියෙන අංක එකේ පාපැදි සවාරිය. ඒත් ඇයි මේක කදු සහිත මාර්ගයක තියන්නේ නැත්තේ? (නි)

:       0       0

ජනුක Monday, 25 February 2013 11:34 AM

ලංකාවේ නවක දක්ෂයින් තෝරන විශිෂ්ට පාපැදි සවාරිය මෙයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 905 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site