IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගුවන් හමුදාවේ දරුවන්ට ශිෂ්‍යත්ව 200 ක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රියාන්විතයේදී මියගිය,  ආබාධිත තත්වයට පත් වූ  සහ දැනට සේවයේ නියුතු ගුවන් භටයන්ගේ තෝරා ගත්  දක්ෂ දු දරුවන් 200 දෙනෙකුට  "ගගන විරු සවිය" නමින් ශිෂ්‍යත්ව 200 ක්   ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලිකා අබේවික්‍රම මහත්මිය විසින් ඒකල ගුවන් හමුදා කදවුරේදී  ප්‍රදානය කරනු ලැබීය.

මෙහිදී වයස අවුරුදු 10 සිට 17 දක්වා ළමුන් 200ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනමන ලද අතර  මෙම ශිෂ්‍යත්වය මෙම ළමුන්සදහා උසස් පෙළ විභාගය දක්වා පිරි නමනු ලබයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච්.ඩී අබේවික්‍රම මහතාගේ සංකල්පයක් මත 5 වන වරටත් සංවිධානය කළ  මෙම ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදාව මෙවර සම්පූර්න අනුග්‍රහය ලබා දීම විශේෂත්වයකි. 

මෙම උත්සවය සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒක්කයේ සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණිය  සහභාගි වූ අතර ගුවන් හමුදා ඒකල කදවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් පී රනසිංහ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයද එක් විය.

 



අදහස් (0)

ගුවන් හමුදාවේ දරුවන්ට ශිෂ්‍යත්ව 200 ක්

උපුල් Friday, 26 April 2013 12:26 PM

අපේ රටට දැන් වහාම ඕනෑ රට වටකර වැට බඳින්න පුළුවන් අති නවීන නාවික හමුදාවක්. යුධ සහ ගුවන් හමුදාවල කාර්‍යයභාරය යුද්ධය අවසන් වීමත් සමඟ සීමා වුණා. (නි)

:       0       0

නිසාම් Friday, 26 April 2013 12:35 PM

රොහාන්, ලංකාවට ගුවන් හමුදාවක් තිබුණත් නැතත් තියෙන විදියට හරි යුද්ධ කරලා යමක් රටට කරලා තියෙනවා. ඔයාට සල්ලි තියනවා නම් හොද ඒවා ගෙනැල්ලා දෙන්න. තමන්ගේ රටට නින්දා කරන්න එපා (නි)

:       0       0

සෙන්තිල් Friday, 26 April 2013 02:24 PM

රොහාන්,ඔබ හරි. රටවල් 19ක උදව්වෙන් තමයි යුද්ධය දිනුවේ. (නි)

:       0       0

රොහාන් කුරේ Friday, 26 April 2013 08:50 AM

ලංකාවට ඇත්තට නියම ගුවන් හමුදාවක් නැහැ. තියෙන්නේ අනිත් රටවල් පාවිච්චි කරලා විසි කරපු, දිරච්ච මලකඩ කාපු ප්ලේන් ටිකක් විතරයි. කෆීර්, මිග් 23 ඇවිල්ල 1960/70 ගණන් වල පාවිච්චි කරපු ප්ලේන්.(නදී)

:       0       0

රොෂාන් Thursday, 25 April 2013 08:12 PM

ඉතාමත් හොඳ වැඩක්. නමුත් ඉන්න සෙබළුන්ට වඩා ක්‍රියාන්විතයේදී මිය ගිය සහ ආබාධිත වෙච්ච සෙබළුන්ගේ ළමයින්ට දෙනවනම් වඩාත් හොඳයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site